අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කර්මාන්ත ප්‍රවර්ධන හා වෙළඳ ප්‍රදර්ශනය - නිල ලාංඡනය එළිදැක්වීම අද

    ජූලි 12, 2016

    ජාතික කර්මාන්ත ප්‍රවර්ධන හා වෙළඳ ප්‍රදර්ශනයේ නිල ලාංඡනය එළි දැක්වීම අද (12) සිදු කෙරෙන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, අනුබද්ධ ආයතන සමඟ එක්ව පළමුවරට සංවිධානය කරනු ලබන ජාතික කර්මාන්ත ප්‍රවර්ධන හා වෙළඳ ප්‍රදර්ශනය- 2016
    අගෝස්තු 26 දා සිට 30 දක්වා අම්පාර, සමන්තුරේ කාර්මික විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    නිල ලාංඡනය එළිදැක්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, රාජ්‍ය  අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) හිල්ටන් කලම්බු රෙසිඩන්ස් හි දී පැවැත්වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya