මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින හරහා හමන තද සුළං තවදුරටත්

    ජූලි 12, 2016

    දිවයිනේ මධ්‍යම කඳුකරය හරහා විටින් විට හමන තද සුළං (පැ.කි.මී.50 -60 පමණ දක්වා) තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කෙසේ වෙතත් හෙට දිනයෙන් පසු සුළං තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඌව පළාතේ ස්ථාන ස්වල්පයක, විශේෂයෙන් ම සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතී.
     
    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බව ද අද (12) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya