ඒ සඳහා ආසන්නත ම උදාහරණය වන්නේ පසුගිය සති අන්තයේ ඉරිදා පුවත්පතක් ජිනීවා මානව හිමිකම් කොමිසම සම්බන්ධ කර ගනිමින් "යුද අධිකරණය තව මාස 9කින්, විදෙස් විනිසුරුවොත් එති"යි යන අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රධාන සිරස්තලයේ යොදමින් ප්‍රකාශයට පත් කිරීමයි. මේ පුවතේ කිසිඳු සත්‍යතාවක් නැති අතර එය එම පුවත ලියු මාධ්‍යවේදියාගේ හිතලුවක් පමණි. එබඳු හිතලු පුවත් පළ කිරීමේ අරමුණ විය හැක්කේ ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමයි. රටේ උද්ගතව තියෙන සංහිඳියාව බිඳ දැමීමයි.
එසේම ඇතැම් අයගේ පුද්ගලික මට්ටමේ ක්‍රියාකාරකම් ජනමාධ්‍ය අවභාවිතයට ගෙනෙමින් ඒවාද රජයට එරෙහි සන්දර්භයක පිහිටුවා තබා පටු දේශපාලන වාසි ලබා ගැනීමට සමහර මාධ්‍ය ආයතන පෙළඹී ඇති බව පෙනේ. ඒ සඳහා උදාහරණයක් වන්නේ පසුගියදා මඩකළපුව මංගලාරාම නායක ස්වාමීන්වහන්සේ තම විහාරයේ ඉදි කරන ලද සමරු පලකයක් කඩා දැමීමේ ප්‍රවෘත්තියයි. එම සිදුවීමට ජනාධිපතිවරයාගේ කිසිඳු සම්බන්ධයක් නැත. එහෙත් මුලාශ්‍ර විමසීමේ ආචාර ධර්මය බිඳ දමමින් රටේ රාජ්‍ය නායකයාට එරෙහිව පුද්ගලික ද්වේශයක් මතුවන ලෙස එවැනි පෞද්ගලික මට්මමේ පුවත් පළ කිරීම කිසිදු දියුණු මාධ්‍ය සම්ප්‍රදායක ලක්ෂණයක් නොවේ.
රටේ දැනට උද්ගතවෙමින් පවතින නිදහස් මාධ්‍ය වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් හා ජනමාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් රජයටත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ නායකයින්ටත් එරෙහිව නිර්මාණය කළ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සමහර මාධ්‍ය ආයතන ද්වේශ සහගත ලෙස හැසිරීමක නිරත වී සිටින ආකාරය මෙම කෘතීම ප්‍රවෘත්තිවලින් පෙනෙන්නට තිබේ.
මෙවැනි සාවද්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව දැනට පවතින මාධ්‍ය නියාමන හා නීතිමය යාන්ත්‍රණ මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බව ද සඳහන් කළ යුතුව ඇත.