මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියාවේදී ආබාධිත වූ රමීෂ්ට නවීන ගිලන් ඇඳක්

    ජූලි 11, 2016

    කුවේට් රාජ්‍යයේ රියදුරෙකු වශයෙන් සේවය කරමින් සිටිය දී හදිසි අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ මහනුවර, මඩවල පදිංචි ශ‍්‍රමිකයෙකුට විශේෂ ගිලන් ඇඳක් පරිත්‍යාග කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා තිබේ.

    ඒ අනුව විශේෂිත ගිලන් ඇඳ පසුගිය දින ආබාධිත තත්ත්වයට පත් එම්.ආර්.එම්.රමීෂ් මහතාට භාරදීම විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතින් ඔහුගේ නිවසේදී  සිදු කෙරිණි.

    රමීශ් මහතා වසර 15ක පමණ කාලයක් විදේශ රැකියාවේ නිරතවී සිටි අතර 2000 වර්ෂයේදී ඔහු මුලින්ම රැකියාවට ගොස් තිබේ. 2015 වර්ෂයේදී ඔහුට මෙම අනතුර සිදුවී ඇති අතර ඔහු එරට දී ප‍්‍රතිකාර ලබා තිබේ. කෙසේ වෙතත් 2011 වර්ෂයේ සිට ඔහු කාර්යාංශයේ ලියාපදිංචිය දීර්ඝ කරගෙන නොමැති අතර  ඒ හේතුවෙන් ඔහුට රක්‍ෂණ වන්දි ලබාගැනීමටද නොහැකි වී තිබේ.

    කෙසේ වෙතත් ඔහුගේ අසරණ තත්ත්වය පිළිබඳව සළකා බලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ ශ‍්‍රමික අරමුදල මඟින් රු150,000 ක මුදලක් හා රු 159,000ක් පමණ වටිනා විශේෂිත ගිලන් ඇඳක් ලබාදීමට තීරණය කර තිබේ.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රනි ශාන්තිනී කෝන්ගහගේ, කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක නීතීඥ උපුල් දේශපි‍්‍රය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුභසාධන)තරංග හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya