මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමාජ ආරක්ෂණ සම්මාන ප්‍රදානය අදයි

    ජූලි 11, 2016

    ජාතික සමාජ ආරක්ෂණ සම්මාන ප්‍රදානය අද (11) පවැත්වෙයි.

    ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පළමු වරට සංවිධානය කරන " ජාතික සමාජ ආරක්ෂණ සම්මාන උළෙල 2016 "  සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙයි.

    ශ්‍රීලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාවට නංවන විශ්‍රාම වැටුප්  ක්‍රම සමාජගත කිරීමේ මෙහෙවරට කැපවී උරදුන් ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්,ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු රජයේ නිලධාරීන් ඇගැයීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර උත්සවය සඳහා නිලධාරීහු දහසක් එක්වෙති.

    සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය  ඇමැති රන්ජන් රාමනායක  හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන යන මහත්වරුන්ද මෙම උත්සවයට එක්වීමට නියමිත බව සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති කීර්ති සුරංජිත් මාවැල්ලගේ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya