නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මොණරාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවති අපනයනය සඳහා මල් වගාකරුවන් දැනුවත්කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිණි.
මල් අපනයනය ප්‍රවර්ධනය කිරීමෙන් විශාල ආදායමක් ලැබෙන ආකාරයෙන් රටපුරා තවත් මල් වගාකරුවන් ඇති කිරීම සඳහා වැඩසටහන් රැසක් දියත් කරන බවද අමාත්‍යවරිය තවදුරටත් පැවසීය.
“මල් අපනයනය කරන රටවල් අතුරෙන් මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට හිමිවී තිබුණේ 9 වැනි ස්ථානයයි. 2015,2016 වසරවල් වන විට ශ්‍රී ලංකාවට හිමිව තිබුණු එම ස්ථානය 60 වැනි ස්ථානය දක්වා පහළ වැටුනා. මල් වගාකරුවන් හා මල් අපනයනකරුවන් යළි දිරිමත් කරලා ශ්‍රී ලංකාව යළිත් මල් අපනයන අංශයෙන් පෙර තිබුණු තත්වයට ගෙන එන්නයි මෙම වැඩසටහන් දියත්කරන්නේ.
මල් අපනයනය කිරීමෙන් අතිවිශාල ආදායමක් ඉපයිමට සමත්වුණත් මේ වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 13.4 දක්වා පහත වැටිලා. ඕකිඩ්, කානේෂන්, රෝස, කට්ෆ්ලවර් ඇතුළු මල් වර්ග කාලයක් තිස්සේ අපනයනය කරනවා. මල් අපනයනය කිරීමේදී ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් සමග විශාල තරඟකාරීත්වයක් ලබාදීමට අපට සිදුවෙලා තිබෙනවා. අපේ රටේ තිබෙන සුවිශේෂිත්වයක් තමයි ලෝකයේ ඕනෑම මල් වර්ගයක් වැවීමට අවශ්‍ය දේශගුණයක් අපේ රටේ තිබිම. ඒක ඉතාම වැදගත්. ඒ වගේම අති දුර්ලභ ඕකිඩ් සහ මල් වර්ග අපේ රටේ වැවෙනවා.
මල් අපනයනය කිරීමේ වැදගත්ම දේ තමයි මල් වගාකරුවන් සිදුකළයුත්තේ. නියම වෙලාවට එම මල් වර්ග නිසි ප්‍රමිතියකට ලබාදිය යුතුයි. මල් අපනයනකරුවන්ට ලැබෙන ඇණවුම් නිසි පරිදි වෙලාවට ලබාදීම මල් වගාකරුවන්ට පැවරෙන කාර්යයක්. නිසි උපදෙස් පරිදි මල් වගාව සිදුකරනවා නම් නිවසේ සිටම විශාල ආදායමක් උපයාගතහැකියි. ඒ සඳහා උදව් කිරීමට ඇමතිතුමා ප්රමුඛ අපේ අමාත්‍යංශය, උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී භාරය සුදානම්.
මොණරාගල දිස්ත්‍රික්කය ඇතුළු රටපුරා මල්වගාකරුවන් දිරිමත් කිරීමේ වැඩසටහන් මාලාවක් අප ක්‍රියාත්මක කරනවා. මල් වගාකරුවන්ට අපේ නිලධාරීන්ගේ මාර්ගයෙන් විශේෂ පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේ සඳහා ආධාර මුදලක් හෝ සහන පොළිය මත ණය මුදලක් ලබාදීම කෙරෙහිත් අවධානය යොමුවෙලා තිබෙනවා.
මීට අමතරව අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කිරීම ගම් මට්ටමින් නගාසිටුවීම සඳහාත් අප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. වනජීවී භාරය යටතේ තිබෙන වෙළඳසල් හරහා මෙම අත්කම් භාණ්ඩවලට හොඳ වටිනාකමක්, වෙළඳපොලක් ලබාදී ඔබට හොඳ ආදායම් මාර්ගයක් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමටත් අපගේ අවධානය යොමුවෙලා තිබෙනවා” යනුවෙන්ද වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.
ඌව පළාත් සභා ප්‍රවාහන,සංචාරක අමාත්‍ය සාලිය සුමේධ, වනජීවී භාරයේ අධ්යක්ෂ සී.සී හිදැල්ලආරච්චි, මොණරාගල ප්‍රාදේශිය ලේකම්, මොණරාගල දිස්ත්‍රක්කයේ මල් වගාකරුවන්ගේ සංගම්වල සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකවරුන්ගේ සංගම්වල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
AP