ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද දිනයේ සිදුකිරීමට සැලසුම් කරතිබූ සිය නඩත්තු කටයුතු කිසිවක් අද දිනයේ සිදු නොකරන ලෙසට තමා අදාළ අංශ වෙත උපදෙස් දුන් බවට අමාත්‍ය සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
විදුලිබල මණ්ඩලය සමාන්‍යයෙන් නඩත්තු කටයුතු සිදුකරන්නේ රාජකාරි නොමැති රජයේ නිවාඩු දිනයන්වලයි. එසේ කරන්නේ නඩත්තු කටයුතු වෙනුවෙන් විදුලිය කප්පාදු කිරීමෙන් සිදුවන අපහසුතාවන් අවම කිරීමටයි. නමුත් අද රජයේ නිවාඩු දිනයක් වුවත්, අද මුස්ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය සමරන උතුම් දිනයක්. හෙට දිනයේදි විදුලිබල මණ්ඩලය විසින් ප්‍රදේශ ගණනාවක නඩත්තු කටයුතු රාශියක් යොදාගෙන තිබුණු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.