නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර තැපැල් කරයි

    ජූලි 06, 2016

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2016 අගෝස්තු මස 02 වැනි දින ආරම්භ කර අගෝස්තු 27 වැනි දින දක්වා පැවැත් වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 240991කගේ ප්‍රවේශපත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන් 74614ක ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනය වෙත ද තැපැල් කර තිබේ.

    පාසල් වෙත ලැබුණු ප්‍රවේශ පත්‍ර කිසිම හේතුවක් නිසා විදුහල්පතිවරුන් වෙත තබා ගත නොගත යුතු අතර ප්‍රවේශපත්‍ර නොපමාව අදාළ අයදුම්කරුවන් වෙත බෙදා දිය යුතු

    නියමිත දිනට ඉල්ලුම්පත් ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍ර නොලද පෞද්ගලික අයදුම්කරුවන් වෙතොත් තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත් සහතික කළ ලිපියක් සහ අයදුම්පත ලියාපදිංචි තැපෑලට යොමු කළ  කුවිතාන්සිය විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත ඉදිරිපත් කර ප්‍රවේශපත්‍රය ලබා ගත හැකිය.

    ප්‍රවේශ පත්‍රයෙහි විෂය සංශෝධනය, භාෂා මාධ්‍ය සංශෝධනය හෝ වෙනත් සංශෝධන සිදු කිරීමට අවශ්‍ය පාසල් අයදුම්කරුවන් තම විදුහලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ද ලබන 15 වැනි දිනට පෙර පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යාමු කර අදාළ සංශෝධන සිදු කර ගත යුතු බව ඒ මහතා සඳහන් කරයි.

    දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2204ක් හාසම්බන්ධීකරණ මධ්‍යස්ථාන 205ක් යටතේ මෙ විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති තර 27,000ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇත.

    මේ සම්බන්ධයෙන් විමසීමක් ඇතොත්
    පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව- 0112784537/0113188350/0113140314
    ෆැක්ස්- 0112784422
    ක්ෂණික ඇමතුම් අංකය- 1911

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya