නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් නොතිබීම බරපතල ගැටලුවක්

    ජූලි 06, 2016

    ජනමාධ්‍ය විෂය පිළිබඳව පාසල් දරුවන් දක්වන උනන්දුව තුළින් අනාගතයේ අපට හොඳ ජනමාධ්‍යවේදීන් පිරිසක් බිහි කිරීමට හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    දරුවන් මාධ්‍යට දක්වන උනන්දුව නිසා යහපත් මාධ්‍යක් ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු  කිරීමට හැකියාව තිබෙන බවත් මාධ්‍යවේදීන්ට හරි පුහුණුවක් නැති වීම අද ජනමාධ්‍යයේ තිබෙන බරපතල ගැටලුවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ගාල්ල ප්‍රදේශයේ කැපී පෙනෙන පාසලක් ලෙස ප්‍රචලිත ඇලෝසියස් විද්‍යාලයේ ජනමාධ්‍ය දිනය සැමරීම වෙනුවෙන් ගාල්ල, හෝල් ඩී ගෝල් ශාලාවේ පැවති වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමට අන්තර්ජාතික මට්ටමේ  මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගවේශණාත්මක මාධ්‍යකරණයක නිරත වීමටත් තොරතුරු පනත හරහා අවස්ථාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.

     

    හරවත් අර්ථවත් කතාවක් පාර්ලිමේන්තුවේදී සිදු කළත් එය මාධ්‍ය තුළ පළ නොවන බවත් ඒ තත්ත්වය වෙනස් කිරීමට මාධ්‍යයට උනන්දුවක් දක්වන දරුවන්ට පුළුවන් වනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.

     

    මෙම අවස්ථාවට මෙම පාසලේ විදුහල්පති රන්ජිත් තිලකරත්න මහතා ඇතුළු ගුරු දෙගුරු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya