අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික අධිකාරියෙන් පසුගිය මාස 6ට වැටලීම් 10,146 ක්

    ජූලි 05, 2016

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය මාස 6 තුළ එනම් 2016 ජනවාරි 01 දා සිට ජුනි 30 දක්වා  හදිසි වැටලීම් 10 146 ක් සිදුකර දඩ මුදල් ලෙස රුපියල් මිලියන 45. 7 ක මුදලක් අයකරගෙන තිබේ.



    2016 ජනවාරි මස වැටලීම් 1636 ක් , පෙබරවාරි 1861 ක් , මාර්තු 1874 ක්, අප්‍රේල් 1630 ක්, මැයි 1468 ක් හා ජුනි 1677 ක් ලෙස මෙම වැටලීම් සිදුකර ඇති අතර ජනවාරි මාසයේ පමණක් සිදුකල වැටලීම් වලින් දඩමුදල් ලෙස රුපියල් මිලියන 10 ක් අයකර ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් විය.

    මේ අතරින් වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර එම ප්‍රමාණය 846 කි. මහනුවර වැටලීම් 798 ක්ද, කොළඹ 618 ක්ද, පුත්තලම 583 ක්ද, කෑගල්ල 507 ක්ද ලෙස මෙම වැටලීම් සිදුකර ඇත.
     
    වැඩිම දඩමුදල් ප්‍රමාණයක් අයකර ගැනීම කොළඹ දිස්ත්‍රික්කයෙන් සිදුකර ඇති අතර, එම මුදල රුපියල් මිලියන 4.1 කි. අඩුම වැටලීම් ප්‍රමාණය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වන අතර එය 241 කි.
     
    පසුගිය වසරේ( 2015) මුල් මාස 6 තුල පාරිභෝගික අධිකාරිය සිදුකල මෙවැනි වැටලීම් වලින් රුපියල් මිලියන29.36 ක් දඩ මුදල් ලෙස අයකර ගෙන ඇති අතර එය මෙම වසරේදී 55% ක වැඩිවීමක් පෙන්නුම් කරමින්  රුපියල් මිලියන 45.7 ක් දක්වා වැඩිවී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya