අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ජාවාරම පිළිබඳ වැඩමුළුව ඇ‍රඹේ

    ජූලි 04, 2016

    ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ජාවාරම පිළිබඳ වැඩමුළුව  පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ විය.

    මෙය ශ්‍රී ලංකා පොලීසිය මඟින් ජාත්‍යන්තර ඉන්ටර්පෝල් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ 6 වැනි වරට සංවිධානය ‍කර තිබෙන අතර එය ලබන 6 වැනි දා දක්වා පැවැත් වේ.

    ඉන්ටර්පෝල් ආයතනය දැනට ලෝකයේ ඇතිවන වාර්තාමාන අපරාධ වැළැක්වීම හා ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම හා අවබෝධ කිරීම පිළිබඳ සමුවව මඟින් දැනුවත් කෙරේ.

    මේ සඳහා ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, හා නේපාලය යන රටවල්වලින් ධූත පිරිස් වැඩමුව සඳහා සහභාගි වී ඇත. ශ්‍රී ලංකා රේගුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, විශේෂ කාර්ය බලකාය, ඉන්ටර්පෝල් ආයතනයේ ජාත්‍යන්තර න්‍යෂ්ටික මාර්දනය කිරීමේ අංශය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වී සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya