මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස අහිමි සියළුදෙනාටම නිවාස ලබාදීම රජයේ අරමුණයි - ඇමති රිෂාඩ් බදියුදීන්

    ජූලි 04, 2016
    යුද්ධයෙන්  නිවාස අහිමි වූ  සියළු දෙනාටම ස්ථීර නිවාස ලබා දීම රජයේ අරමුණ බවත් ඒ සඳහා රජය විවිධ සැලසුම්  ක්‍රියාත්මක කරමින් සිටින බවත් කර්මාන්ත හා  වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
    පසුගියදා මන්නාරම ප්‍රදේශීය ලේකම් කාර්යාලය  මගින් මන්නාරම පෙරියකඩේ ප්‍රදේශයේ   ඉදිකිරීමට සැලසුම් කර ඇති නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා  මෙසේ පැවසීය. “ යුද්ධය නිසා උතුරු නැගෙනහිර පළාතේ ජනතාවගෙන් වැඩි පිරිසකට තම නිවාස, දේපළ  අහිමි උනා. එසේ විනාශ  වූ  නිවාස හා දේපල නැවත ගොඩනගා ගැනීමට නොහැකි වී තවමත් එම ජනතාව ඉතාමත් දුක්බර ජීවිතයක් ගත කරනවා. පසුගිය කාලයේ  ලෝක බැංකුව උතුරු - නැගෙනහිර පුනරුත්ථාපන  ව්‍යාපෘති  මගින් නිවස  ලබාදීමට පියවර ගත්තා .  ඒ වගේම  යුරෝපා සංගමය, ඉන්දීය රජය සහ   ශ්‍රී ලංකාවේ රජය විසින් ද   නිවාස  ලබා දීමට කටයුතු කළා. නමුත් උතුරු පළාතේ තවත් නිවාස  130,000 ක් ඉදිකළ යුතුයි. එම නිවාස කඩිනමින් ඉදිකරදීම  රජයේ අරමුණයි .  
     
    මෙම මන්නාරම පෙරියකඩේ නිවාස ව්‍යාපෘතිය මඟින් නිවාස 125 ක් ඉදිකරන  අතර මන්නාරම දිස්ත්‍රික්කය පුරා යුද්ධයෙන් නිවාස අහිමි වූ  ජනතාවට මෙවැනි නව නිවාස ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීමට සැලසුම් සකස්කර ඇත.
     
    මෙම අවස්ථාවට  වන්නි දිස්ත්‍රික්ක  පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්, උතුරු පළාත් සභා  මන්ත්‍රී රිෆ්කාන්   බදියුදීන් ඇතුළු දේශපාලකයන් පිරිසක් සහභාගී වුහ.
     AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya