මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රක්ෂණය නොකළ කුඹුරු වලටත් වගා හානි වන්දි

    ජූලි 04, 2016
    2016 යල කන්නය තුළ වගාකර හානියට පත්වු සියලුම  කුඹුරු සඳහා වන්දි ගෙවීමට කෘෂිකර්ම හා ගොවිජන  රක්ෂණ මණ්ඩලය තීරණය කර ඇත.
    මෙවර යල කන්නය තුළ පැවති ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් රක්ෂණය සිදු නොකල ද හානියට පත්වී ඇති සෑම කුඹුරක් සදහාම වන්දි ලබාදෙන බව කළුතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නන්දලාල් පෙරේරා මහතා පවසයි.
     
    වගාහානි තක්සේරු කිරීමේ  කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ නිරදේශයන්ට අනුව වගා හානි වන්දි ගෙවීම සිදුවේ. කෙසේ නමුත් අක්කරයකට රු.10,000 උපරිමයකට යටත්ව මෙම වන්දි ගෙවීම සිදු කෙරේ.
     
    මීට අමතරව කෘෂි කර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් පරිදි හදිසි ආපදා තත්වය තුළ හානියට පත් ගොවි ජනතාවගේ වගාවන්, දේපළ මෙන්ම හානි වු වැව් අමුණු පිළිබද තොරතුරු එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයක්ද ආරම්භ කර ඇත.
     
    මෙම මධ්‍යස්ථාන ද කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර දුරකථන අංක 1918 යටතේ ඕනෑම කෙනෙකුට මෙම වගා හානි පිළිබඳ තොරතුරු ලබා දීමට හැක.
     
    AP/DMU-Kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya