අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරී කොට්ඨාස10,600ක යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ

    ජූලි 04, 2016

    දිවයින පුරා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබේ.

    ‘ගමට සංවර්ධනය’’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලට අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාස 13,305ක යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන13,300කි.

     

    මින් ග්‍රාම නිලධාරී කොට්ඨාස 10,600ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භකර ඇති බව  ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිනි.

    පසුගිය වසරේ නොවැම්බර් මස 05 වනදා ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු කැබිනට් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ග්‍රාමීය ජනතාවට ජීවනෝපාය අවස්ථා වර්ධනය කර දෙමින් ඔවුන්ගේ ආර්ථික ඵලදායිතාව නංවාලීම සහ ජීවන තත්වය වර්ධනය කිරීම මෙම වැඩපිළිවෙලට පාදක වී ඇත.

    දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම මත  ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් සක්‍රියව ක්‍රියාත්මක වන ප්‍රජාමුලික සංවිධාන වල ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටු හරහා ග්‍රාමීය ප්‍රදේශ වල ව්‍යාපෘති හදුනා ගැනීම සිදු කරනු ලබයි.

     

    ප්‍රජා මුලික ජලසම්පාදන ව්‍යාපෘති, විදුලි ව්‍යාපෘතිල ග්‍රාමීය මාර්ග, ග්‍රාමීය පාලම්, බෝක්කු සහ සපත්තු පාලම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති මෙන්ම කුඩා වාරි මාර්ග ව්‍යාපෘති ඇතුලු භෞතිකමය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අංශයන්ට අයත් ව්‍යාපෘති අදාළ කමිටු මගින් තෝරාගත යුතුය. එලෙස තෝරා ගැනීමේදී ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ප්‍රමුඛ අවශ්‍යතාවයන් පිළිබිඹුවීම, ආර්ථික සහ සමාජීය සංවර්ධනයට මෙන්ම රැකියා උත්පාදනයට දායක වීම, ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජනතාවගෙන් බහුතරයකට ප්‍රතිලාභ හිමිවීමල ග්‍රාමීයජීවනෝපායන් වැඩිදියුණු කිරීම යන නිර්ණායක සලකා බලනු ලබයි.

     

    තෝරාගනු ලබන ව්‍යාපෘති, මහජන නියෝජිතයින්ගෙන් සැදුම් ලත් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු මගින් අනුමත වීමෙන් අනතුරුව ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කෙරෙන අතර ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් අදාළ ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කිරීම සිදුවේ.

     

    ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම ලන්සු කැඳවීම සහ කොන්ත්‍රාත් ලබාදීම මෙන්ම ඉදිකිරීම් නිරීක්ෂණය ද සිදුකරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ගමට සංවර්ධනය ජාතික වැඩසටහන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසින් අධීක්‍ෂණය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya