අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡායාරූප ශිල්පී ආචාර ධර්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත පිරිනැමේ

    ජූලි 02, 2016

    ඡායාරූප කලාවේදීන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය නැංවීමේ අරමුණින් සම්පාදනය කළ ඡායාරූප කලාවේදීන් සඳහා වූ ආචාරධර්ම සංග‍්‍රහය ජනගත කිරීම අද (02) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් ආචාර ධර්ම සංගහය ජනගත කිරීමේ පියවර ක්‍රියාවට නංවා තිබුණි. ප‍්‍රවෘත්ති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන, පාසල් අධ්‍යාපන සහ සංස්කෘතික යන අංශවල ප‍්‍රධානීන් මූලික කොටගනිමින් මෙම ආචාරධර්ම සංග‍්‍රහය දොරට වැඩුම සිදුකෙරිණි.

     

    එසේම ලංකාව පුරා විසිරී සිටින ඡායාරූප සංගම්වලට සහ ඡායාරූප කලාවේදිනට ආචාරධර්ම සංග‍්‍රහය තම වෘත්තීය කටයුතුවලදී මාර්ගෝපදේශ සංගහයක් ලෙස භාවිත කළ හැකිවෙයි.

    මෙම ඡායාරූප ශිල්පී ආචාරධර්ම සංග‍්‍රහය, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය මාපා තිලකරත්න සහ ආචාර්ය ඩී.එම්. කරුණාරත්න යන විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක අධීක්‍ෂණය යටතේ ශ‍්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මගින් සම්පාදනය කොට ඉදිරිපත් කරනු ලබන්නකි.

    ආචාරධර්ම සංග්‍රහය ජනගත කිරීමේ උළෙලට සමගාමීව පාසල් ඡායාරූප ශිල්ප පරීක්‍ෂණයේ සහතිකපත් ප‍්‍රදානය ද, ශ‍්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ව්‍යාපෘති ඡායාරූප ප‍්‍රදර්ශනයක්  ද  පැවැත්විණි.

    මේ අවස්ථාවට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නීතිඥ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය , ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ නිලධාරීහු,දිස්ත්‍රික් සහ පළාත් නියෝජනය කරන ඡායාරූප සංගම්වල නිලධාරීහු, විද්වත්හු ,ප්‍රවීණ ඡායාරූපවේදීහු ඇතුළු ඡායාරූප ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ රැසක් සහභාගී වී සිටියහ.

     

    aranga3

    ඡායාරූප- ලක්සිරි අල්විස්- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya