මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා පරිමාණ බැකෝ යන්ත්‍ර යොදා පතල් කැපීම 2017 මාර්තු වලින් අවසන්.

    ජූලි 03, 2016
    බැකෝ යන්ත්‍ර යොදා මැණික් පතල් කර්මාන්තයේ යෙදීම ලබන වර්ෂයේ මාර්තු මස වන විට  අවසන් කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර මහතා පැවසීය.
    ඒ මහතා මේ බව සදහන් කළේ පසුගිය දා රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
     
    දිවයින පුරා මේ වන විට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් බැකෝ යන්ත්‍ර යොදා මැණික් කර්මාන්තයේ නියැලීම සදහා බලපත්‍ර 104 ක් නිදහස් කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.එම බලපත්‍ර වලින් බලපත්‍ර 94 ක් මෙම වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනදායින් පසුව අවසන් වන බව සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය. ඉතිරි බලපත්‍ර 10 ලබන වර්ෂයේ මාර්තු වන විට අවසන් වන බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.
     
    නිකුත් කර ඇති සියලු බලපත්‍ර, අහෝසි වන දිනට පෙර අදාල භූමිභාග පෙර පැවති තත්වයට  සකස් කල යුතු බව පවසන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා එලෙස කටයුතු නොකරන බලපත්‍රලාභීන්ගේ ඇප රාජ්‍ය සන්තක කරන බවද පැවසීය.
     
    බැකෝ යන්ත්‍ර බලපත්‍රයක ඇප වශයෙන් රුපියල් ලක්ෂ 01  සිට ලක්ෂ 60 දක්වා මුදලක් තම අධිකාරියේ තැන්පත් කල යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
    එමෙන් බැකෝ යන්ත්‍ර යොදා හෝ වෙනත් ක්‍රම උපයෝගී කරගෙන අනවසරයෙන් මැණික් කර්මාන්තයේ නියැලෙන අයට  එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බවද  අසංක වෙලගෙදර මහතා මෙහිදී පැවසීය.
     
    සතියේ ඕනෑම දිනක පැය 24 පුරා  071-4244665 යන  දුරකථන අංකයට  එවන් අනවසර පැමිණිලි පිළිබදව  තමා වෙත දන්වන මෙන් ද  ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ ය.
     
    මෙම අවස්ථාවට සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර, සභාපති කංචන ජයරත්න යන මැති ඇමතිවරුන් ඇතුළු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya