මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල ආපදාවන්ට ලක්වූ පවුල් වෙනුවෙන් නව නිවාස 3,000 ක්

    ජූලි 03, 2016
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  නියමයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූ පවුල් ඒකක වෙනුවෙන්  අංග සම්පූර්ණ නව නිවාස ඒකක 3,000ක් ඉදි කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී අනාවරණය විය.
    මේ බව අනාවරණය වුයේ කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් වන ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමේදීය.
     
    පසුගිය ආපදා තත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් ඒකක 3,000 කට නිවාස අහිමි විය. එම නිවාස වෙනුවට ඔවුන් පදිංචිව සිටි ආසන්නම ප්‍රදේශයේ අංග සම්පූර්ණ නිවාස ඉදිකිරීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටී.
    ඒ සදහා රජය,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව,ජනවසම,පුද්ගලික වතු සමාගම් මගින් පාලනය වන හා පෞද්ගලික හිමිකාරීත්වය සතු ඉඩම් අත්පත් කරගැනීමට ද රජය මේ වන විට කටයුතු කරමින් සිටී.
     
    ඒ අනුව මෙම නිවාස 3,000 ඉදිකිරීම සදහා අවශ්‍ය මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 800 කි.අවශ්‍ය ඉඩම් අක්කර 800 න් මේ වන විට 75% ක ප්‍රමාණයක් රජය හදුනාගෙන ඇත. නව නිවාස ඉදිකිරීම සදහා අවශ්‍ය සමස්ත ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ලබාගැනීමට කටයුතු කර ඇත.
     
    ඒ ඒ ප්‍රදේශ වල භූගෝලීය පිහිටීම අනුව නිවාස ඉදිකිරීම සදහා සැලසුම් 3 ක් ඉදිරිපත්ව ඇත. රජය මගින් පර්චස් 20 ක වපසරියකින් යුත් බිම් කඩක මෙම නිවාස ඉදි කෙරේ.ඒ සදහා රුපියල් ලක්ෂ 12ක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය රජය මගින් ලබා දෙයි.ඉඩම,ශ්‍රම දායකත්වය හා ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා දීම මගින් රුපියල් ලක්ෂ 22 ක් වටිනා නව නිවසක් අවතැන්වූවන් සදහා මේ අනුව හිමි වේ.
     
    මෙම නිවාස 3,000 ට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ පාසැල් 6 හා විහාරස්ථාන 3 වෙනුවෙන් නව පාසැල් හා විහාරස්ථාන අලුතින් ඉදි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබාදීමට කටයුතු යොදා ඇත.
     
    මෙම සියලු වියදම් සදහා ආපදා කලමනාකරණ අමාත්‍යංශය මගින් හදිසි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට නියමිතය. මෙම නිවාස 3,000 ට අමතරව මාර්ග පද්ධතියක්, ජලය, විදුලිය ඇතුළු සෙසු යටිතල පහසුකම් රජය මගින් සම්පාදනය කිරීමට සැලසුම් කර ඇත. ඊට අමතරව මේ වනවිට  ගංවතුර හා නායයෑම් නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග, විදුලිය, ජලය ඇතුළු සෙසු යටිතල පහසුකම් රජය මගින් යලි ඉදි කරමින් සිටී.
     
    වගාබිම් අහිමි වූ ප්‍රජාව වෙනුවෙන් ඉඩම් අක්කරය බැගින් ද  සුළු හා මධ්‍ය ව්‍යාපාරිකයින් වෙනුවෙන් අවශ්‍ය වන්දි ද ඉදිරියේ දී රජය මගින් ලබා දීමට සැලසුම් කර ඇත. වගා සහ ව්‍යාපාර අහිමි වු ප්‍රජාව සිය ආදායම් මාර්ග යලි සම්පාදනය කර ගන්නා තුරු එම ප්‍රජාව වෙනුවෙන් මාසිකව යම් දීමනාවක් ගෙවීමට රජය මේ වනවිට සැලසුම් කරමින් සිටී.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී.කුලරත්න හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.අබේවික්‍රම වනසූරිය යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක ප්‍රධානීන් එක්ව සිටියහ. 
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya