අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජපන් රජයේ සහයෝගය

    ජූලි 02, 2016

    ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය  ඉහළ නැංවීම සඳහා ජපන් රජයේ  සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති  Kenichi Suganuma මහතා පවසයි.

    ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichi Suganuma මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු විය.


    මෙහිදී ශ‍්‍රී ලංකාෙවි ජපන් තානාපතිවරයා කියා සිටියේ, ශ‍්‍රී ලංකාව හා ජපානය අතර ඉතා දීර්ග කාලීන මිත‍්‍රත්වයක් පවතින බවත්  විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා ජපාන රජය නිරතුරුව සහයෝගය ලබාදී ඇති බවත් ය. ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා ජපාන රජය සිය සහයෝගය පළ කරන බවද  Kenichi Suganuma මහතා පැවැසීය.

     

    එමෙන්ම වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශාල වෙනසක් සිදුවෙමින් පවතින බව ඔවුන් හඳුනාගෙන ඇති බවත්  ඉදිරියේ දී ඖෂධ නිෂ්පාදනය කිරීම ඉහළ නැංවීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ගන්නා උත්සාහය සඳහා සිය රජයේ සහයෝගය පළ කිරීමට බලාපොරොත්තු වන බවත් පැවැසීය.

    මෙහිදී සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශාල මුදල් ප‍්‍රමාණයක් වැය වන්නේ ඖෂධ ආනයනය කිරීම සදහා වන බවත්  ඉදිරියේ දී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනාගාරයක් ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවීමට  බලාපොරොත්තු වන බවත් ය. තව ද ශ‍්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව තුළ රටට අවශ්‍ය ඖෂධවලින් සැළකිය යුතු ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන බවත් ජපන් රජය ඖෂධ නිෂ්පාදනය සදහා ආයෝජනයන් අප රටට ලබාදීමට අදහස් කිරීම පිළිබඳව ස්තූතිය පිරිනමන බවත් අමාත්‍යවරයා පැවසී ය.


    එහිදී පැවැති සාකච්ඡා සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya