අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා බාලදක්ෂයෝ අධ්‍යාපන ඇමැති හමු වෙති

    ජූලි 01, 2016

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ බාලදක්ෂ හා සේවා සම්බන්ධතා අද (01) සිට ලබන 10 දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා දියත් කෙරෙන වැඩ සතියේ සමාරම්භය වෙනුවෙන් කොළඹ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂයන් හා පෝතක බාලදක්ෂයන් පිරිසක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී හමුවූහ.

    දිවයින පුරා බාලදක්ෂයන් හා පෝතක බාලදක්ෂයන් මෙම කාලවකවානුවේදී කණ්ඩායම් වශයෙන් සමාජය තුළ විවිධ සේවාවන් ඉටු කිරීමට බලාපොරොත්තු වන අතර කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, සමාජය තුළ බාලදක්ෂ සේවාවන් ප්‍රචලිත කිරීම සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීම ප්‍රධාන අරමුණ වේ.

    එමෙන්ම සමාජයට තම සේවාවන් ලබා දෙමින් කිසියම් මුදලක් උපයා ගැනීමට ද මේ කාළය තුළ ඔවුන් කටයුතු කරයි.
     
    ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂයන් පසුගිය වසරේ ජාතික බාලදක්ෂ වැඩ සතිය තුළදී දිවයිනේ වැඩිම මුදලක් උපයා ගත් බාලදක්ෂ සමූහය ද වේ.

    අධ්‍යාපන අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රය හා අවට පරිසරය පවිත්‍ර කිරීමේ කටයුතුවල  ද මෙම බාලදක්ෂ පිරිස නිරත වූහ.

    මෙම අවස්ථාවට සමුහ බාලදක්ෂ නායිකා වත්සලා විජේවික්‍රම මහත්මිය, කොළඹ දිසා කොමසාරිස් සුරේන් වික්‍රමතිලක මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya