අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධරීන් ගැන ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනයක් කරනවා

    ජූලි 02, 2016

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම විසින් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධරීන් ගැන ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රමවේදයන් අධ්‍යයනය කරගෙන යන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි.

    වධහිංසාව සම්පූර්ණයෙන් ම තුරන් කළ යුතුයි.ඉතාමත් බැරෑරුම් කාර්යයක්. එසේ වුවත් එය කළ යුතු කාර්යයක්.මේ සඳහා නීතිය පමණක් නොව ජනතා සහභාගීත්වය අවශ්‍යයි.

     

    ''වධහිංසාවට තිත'' ජතික ව්‍යාපාරයට  සමගාමීව පැවැත්වූ පාගමන පසුගියදා අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්විණි.

    වධහිංසාව පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. වධහිංසාව විශාල ප්‍රශ්නයක්. රටේ මානව හිමිකම් තත්ත්වය දෙස බලන විට අතුරුදහන්වීමේ සිද්ධි වාර්තා වෙන්නේ නෑ.දරුණු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝ්නය වීම වාර්තා වෙන්නේ නෑ.

     

    මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් මානව හිමිකම් කොමිෂම බැදී සිටිනවා.මේ පිළිබඳව නෛතික වශයෙන් හා සධාචාරාත්මක ලෙස කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.

     

    වධහිංසාවට තිත කියන කාරණයෙන් අඳහස් කරන්නේ,වධහිංසාව කිසිම අවස්ථාවක් සාධාරණීකරණය කළ නොහැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එයට සීමාවන් නෑ. එය පූර්ණ අයිතියක්.එය සාධාරණීකරනය කරන්න බෑ.


    වධහිංසාව වෙනම අපරාධයක් ලෙස සළකනවා.වධහිංසාවේ දී නිලබලය භාවිත කරමින් පුද්ගලයකුට ඉතාමත් දැඩි මනසික හෝ ශාරිරික වේදනාවක් ඇති කිරීමයි. ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන්නට කියලා මේ අවස්ථාවේ ජනතාවට ආරාධනා කරනවා.

     

    වධහිංසාව භාවිතයෙන් කිසිම රටක අපරාධ මැඩපවත්වන්න හැකි වී නෑ.නීතිය තුළ වධහිංසාවෙන් පාපොච්චාරණය කර නඩු විසඳන ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පිළිගෙන නෑ. එය සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්න බෑ. මෙය ශ්‍රී ලංකාව තුළත් වෙන රටවලත් ක්‍රියාත්මක වන්නේ අවිධිමත් පරිචයක් ලෙසයි.බොහෝ රටවල භාවිතා කරනවා මනෝ විද්‍යාත්මක ක්‍රම භාවිතා කරනවා තොරතුරු ලබාගැනීමට, වධහිංසා කිරීමකින් තොරව.

     

    රජයේ නිර්දේශ ක්‍රියාත්මක නොකළොත් ඒ සඳහා ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද ඔවුන්ට විරුද්ධව  කියලා. අපි විමර්ශන කටයුතු ශක්තිමත් කරන්නට කටයුතු කරනවා. පාගමනින් ආරම්භය සනිටුවන් කරනවා. පරීක්ෂණ කාර්යක්ෂම කරන්න ක්‍රමවේදයක් සකස් කරනවා. විමර්ශන කාලය අවම කිරීම ධීක්ෂණ හා නිර්දේශ තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපනය මඟින් මනව හිමිකම් පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කිරීම සිදු කරනවා.ජනතාව අවධිකිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද සභපතිවරිය පැවසුවාය.

    සභාපතිවරිය මේ බව සඳහන් කළේ, පසුගිය දා මානව හිමිකම් කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya