අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර සමූපකාර දිනය ජනපති ප්‍රදානත්වයෙන් හෙට නෙළුම් පොකුණේදී

    ජූලි 01, 2016
    94 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම හෙට පෙරවරු 9 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ ශාලාවේදී පැවැත්වීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සියළු කටයුතු සූදානම් කර ඇත.
    සමූපකාර ව්‍යාපාරය දිර්ඝ කාලීන අත්දැකීම් රැසක් සමඟ ජනතාවගේ විශ්වාසය දිනාගත් සංවිධානයක් වන අතර ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම කැනඩාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව, එංගලන්තය වැනි දියුණු රටවල සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපාරය ලංකාවේ පළාත් 9 තුලම ක්‍රියාත්මක වන අතර, ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රධාන සමිති 54 ක් ඇතුළුව දීප ව්‍යාප්ත සමූපකාර සමිති 14,454 කින් යුක්ත වෙයි.  ලංකාවේ සමූපකාර ව්‍යාපාරය රුපියල් බිලියන 275 ක වත්කම්, රුපියල් බිලියන 154 ක තැන්පතු හා  46,000 ක් පමණ වන සේවක සංඛ්‍යාවකින් යුක්ත වන අති දැවැන්ත ව්‍යාපාරයක් ලෙස හැදින්විය හැක.
      
    ශ්‍රී ලංකාවේ මිලියන 8 කට අධික සාමාජික සංඛාවකින් සැදුම්ලත් සමූපාකාර ව්‍යාපාරය ශ්‍රී ලංකා ආර්ථිකයේ තෙවන බලවේගය ලෙසින් ක්‍රියාත්මක වේ.
     
    “අනාගත තිරසාර බව සාක්ෂාත් කිරීමේ බලය සමූපකාරයයි” යන්න මෙවර ජාත්‍යන්තර සමූපාකාර දින තේමාව වේ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya