මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලදක්ෂ සේවා හා සම්බන්ධතා සතිය ජූලි 1 වනදා සිට ඇරඹේ

    ජූලි 01, 2016
    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු බාලදක්ෂ සේවා හා සම්බන්ධතා සතිය ජූලි මස පළමුවන (01) වන දින සිට 10 වෙනි දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
    දීපව්‍යාප්තව තිබෙන බාලදක්ෂ කණ්ඩායම් මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ප්‍රජාවට සේවාවක් කිරීමෙන් ලැබෙන මුදලින් කණ්ඩායමේ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීමේ අරමුණින් පැවැත්වේ.
     
    ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙහි ජාතික මට්ටමෙන් සංවිධානය කිරීමේ කටයුතු හෝමාගම දිසා බාලදක්ෂ සංගමය මගින් සිදු කෙරෙන අතර මෙහෙයවීම් කටයුතු දිසා කොමසාරිස් පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතා විසින් සිදු කරනු ලැබේ.
     
    මෙම මස පළමුවන (01) දින සිට 10 වෙනි දින දක්වා දිවා කාලයේදී ඔබ නිවසට පැමිණෙන බාලදක්ෂ කණ්ඩායම්වලට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස් පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya