දීපව්‍යාප්තව තිබෙන බාලදක්ෂ කණ්ඩායම් මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ප්‍රජාවට සේවාවක් කිරීමෙන් ලැබෙන මුදලින් කණ්ඩායමේ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීමේ අරමුණින් පැවැත්වේ.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට නියමිත මෙහි ජාතික මට්ටමෙන් සංවිධානය කිරීමේ කටයුතු හෝමාගම දිසා බාලදක්ෂ සංගමය මගින් සිදු කෙරේ. එහි මෙහෙයවීම් කටයුතු දිසා කොමසාරිස් පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතා විසින් සිදු කරයි.
අද සිට 10 වෙනි දින දක්වා දිවා කාලයේදී ඔබ නිවසට පැමිණෙන බාලදක්ෂ කණ්ඩායම්වලට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස් පුෂ්පකුමාර මහගම්මුල්ලගේ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.