අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද උපාධිය පිරිනැමෙන හෙද පීඨයක් ශ්‍රී ලංකාවට

    ජූනි 30, 2016

    ශ්‍රී ලංකාවේ හෙද පීයක් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    හෙද පීඨයට වැය කරන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 12.5කි. රජය විසින් මේ වනවිට බිලියන 2.5ක් වෙන්කර ඇති අතර අනෙකුත් ප්‍රතිපාදන විදේශ ආධාර මඟින් ලබාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    කොරියාවේ ඉන්ජි විශ්වවිද්‍යාලය මඟින් හෙද සිසු පුහුණුව ලබාදීමට ද නියමිතය. හෙද පීය මඟින් හෙද උපාධිය ලබදීම මෙන් ම පශ්චාත් උපාධිය සහ ආචර්ය උපාධිය ලබාදීමට නියමිතය.


    මෙම හෙද පීඨය සඳහ අවශ්‍ය පුහුණු කිරීම් සහ අධ්‍යයන කටයුතු සඳහා දකුණු කොරියාවේ සහයෝගය ලබාගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටියි. අද(30) දකුණු කොරියාවේ අධ්‍යාපන අමාත්‍යවරය හමුවීමට ද නියමිත බව සෞඛ්‍යඅමාත්‍යාංශය පවසයි.


    වඩාත් දියුණු ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාවේ හෙද සිසු සිසුවියන් පුහුණු කර ඔවුනට ගෞරවනීය හා වෘත්තිමය තත්ත්වයක් අතිකිරීම තම අරමුණ බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya