අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාවන් රට රැකියාවලට යාම නැවැත්වීමට පියවර

    ජූනි 30, 2016

    තේ, රබර්, පොල්, ඇගලුම්වලින් මේ රටට ගෙන ආ විදේශ විනිමය අද ගෙන එන්නේ විදේශගත ශ‍්‍රමිකයින් විසින් බවත්, කාන්තාවන් රට රැකියාවලට යාම නතර කිරීමට මේ රජය පියවර ගන්නා බවත් විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය හා පෝෂණ වෛද්‍ය අමාත්‍යංශය සංවිධානය කළ ‘‘ හැඩට ඉන්න මැනලා කන්න’’ වැඩසටහනට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

     

    පසුගිය අයවැයෙන් වකුගඩු රෝගීන් සඳහා වකුගඩු රෝග නිවාරණය කරන මධ්‍යස්ථාන 1,000ක් ඇති  කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් ඒ මහත්මිය  තවත් පිලිකා රෝහල් 3ක් මාතර, යාපනය, පුදේශ වලට ලබා දෙන බව ද සඳහන් කළේය.

     

    ඉදිරි වසර 5 ඇතුල මේ රටට ආයෝජකයන්ගේ පැමිණිම හේතුවෙන් රැකියා අවස්ථා බිහි වී කාන්තාවන්  පිටරට යවන එක නැවැත්වීමට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.


     
    වෙළෙදාමේ ලාභය වෙනුවෙන් එළවළු පළතුරු සඳහා රසායනික පොහොර යෙදීම සිදු වන බවත් වස විසෙන් තොර ආහාර පාන ආදියට ජනතාව යොමු කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් අනුව ටිකෙන් ටික ජනතාව එයට හුරුවනු ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya