අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු යටිතල පහසුකම් බැංකු සමුළුවේ දී මෙරට ආර්ථිකය ගැන දැනුවත් කෙරේ

    ජූනි 29, 2016

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ මංගල සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ එහි සාමාජික රටවල් දැනුවත් කෙරිණි.

    සාමාජික රටවල් 46ක පමණ නියෝජිතයෝ සමුළුව සඳහා එක්ව සිටියහ. සමුළුව පසුගිය පසුය 25 සහ 26 වැනි දිනවල චීනයේ බීජිං නුවර දී පැවැත්විණි.
     
    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඔවුන් අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක් තුළම සිදු වෙමින් පවතින සංවර්ධනය පිළිබඳවයි. ඒ සඳහා 2016 අයවැය මගින් සකස් කර දුන් පසුබිම සහ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරිණි.


    සමුළුවේ දී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට අදාළ අවබෝධතා ගිවිසුම්වලට ද ශ්‍රී ලංකාව සෙසු රටවල් සමඟ අත්සන් තැබීය.

    මෙම සමුළුව සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මෙනවිය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya