අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'වධහිංසාවට තිත'' පාගමන අද

    ජූනි 30, 2016

    'වධහිංසාවට තිත''නමින්   අද(30) පෙ.ව. 9.00ට පාගමක පැවැත්වෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි.


    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සංවිධානයෑන් පැවැත්වෙන පාගමන ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පැවැත්වීමට නියමිත අතර මේ අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහභාගීවීමට නියමිත බවද ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.

    මෙම ජනතා ව්‍යාපාරයට සමගාමීව දිවයිනේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල 10 ආශ්‍රිතව ද වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

     

    මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් මානව හිමිකම් කොමිෂම බැදී සිටිනවා.මේ පිළිබඳව නෛතික වශයෙන් හා සධාචාරාත්මක ලෙස කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.වධහිංසාව වෙනම අපරාධයක් ලෙස සළකනවා.වධහිංසාවේ දී නිලබලය භාවිත කරමින් පුද්ගලයකුට ඉතාමත් දැඩි මනසික හෝ ශාරිරික වේදනාවක් ඇති කිරීමයි. ,ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන්නට කියලා මේ අවස්ථාවේ ජනතාවට ආරාධනා කරනවා යැයි ද ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya