අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වධහිංසාව සම්පූර්ණයෙන් ම තුරන් කළ යුතුයි- වධහිංසාවට එරෙහි පා ගමන හෙට

    ජූනි 29, 2016

    වධහිංසාව සම්පූර්ණයෙන් ම තුරන් කළ යුතුයි.ඉතාමත් බැරෑරුම් කාර්යයක්. එසේmවුවත් එය කළ යුතු කාර්යයක්.මේ සඳහා නීතිය පමනක් නොව ජනතා සහභාගීත්වය අවශ්‍ය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි.


     ''වධහිංසාවට තිත''නමින්    හෙට (30) පෙ.ව. 9.00ට පැවැත්වීමට නියමිත පා ගමන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සභාපතිවරිය මේ බව පැවසුවාය.

     

    ''වධහිංසාවට තිත''නමින්  පාගමනක් හෙට (30) පෙ.ව. 9.00ට ශ්‍රි  ලංකා මානව වධහිංසාව පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. වධහිංසාව විශාල ප්‍රශ්නයක්. රටේ මානව හිමික තත්ත්වය දෙස බලන විට අතුරුදහන්වීමේ සිද්ධි වාර්තා වෙන්නේ නෑ.දරුණු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝ්නය වීම වාර්තා වෙන්නේ නෑ.එහෙත් වධහිංසාව වාර්තා වෙනවා. එය ජාත්‍යන්තරවත් විශාල ප්‍රශ්නයක්.

     

    මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් මානව හිමිකම් කොමිෂම බැදී සිටිනවා.මේ පිළිබඳව නෛතික වශයෙන් හා සධාචාරාත්මක ලෙස කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.

     

    වධහිංසාවට තිත කියන කාරණයෙන් අඳහස් කරන්නේ,වධහිංසාව කිසිම අවස්ථාවක් සාධාරණීකරණය කළ නොහැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එයට සීමාවන් නෑ. එය පූර්ණ අයිතියක්.එය සාධාරණීකරනය කරන්න බෑ.

     

    වධහිංසාව වෙනම අපරාධයක් ලෙස සළකනවා.වධහිංසාවේ දී නිලබලය භාවිත කරමින් පුද්ගලයකුට ඉතාමත් දැඩි මනසික හෝ ශාරිරික වේදනාවක් ඇති කිරීමයි.


    වධහිංසාව වෙනම අපරාධයක් ලෙස සළකනවා.වධහිංසාවේ දී නිලබලය භාවිත කරමින් පුද්ගලයකුට ඉතාමත් දැඩි මනසික හෝ ශාරිරික වේදනාවක් ඇති කිරීමයි. ,ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන්නට කියලා මේ අවස්ථාවේ ජනතාවට ආරාධනා කරනවා යැයි ද ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.

     

    හිමිකම් කොමිෂන් සභාවේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පැවැත්වීමට නියමිත අතර මේ අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආරාධනා කර තිබෙන බවද ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.

    මෙම් ජනතා ව්‍යාපාරයට සමගාමීව දිවයිනේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල 10 ආශ්‍රිතව ද වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya