අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය භාවය ඇති කිරීම, නිදහස් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් සඳහා නීතිරීති ප්‍රතිපත්ති, ජනමාධ්‍ය කර්මාන්තයක්, වර්තමාන ලෝකයේ පවතින ඉහළ තාක්ෂණයක් යනාදී වශයෙන් ජනමාධ්‍ය ශක්තිමත් කිරීමට ප්‍රධාන කරුණු 4ක් සඳහා අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සිදු කර තිබෙන ශාස්ත්‍රීය පර්යේෂණ අනුව ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අන්තර් ජාතික මට්ටමේ ජනමාධ්‍ය පුහුණු ආයතනයක් ඇති කිරීම සම්බන්ධයෙන් දැනටමත් අන්තර්ජාතික ප්‍රජාව සාකච්ඡා කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම, මාධ්‍ය සඳහා ස්වාධීන කොමිසමක් පිහිටුවීම, මාධ්‍යවේදීන් සඳහා අවම වැටුපක් නියම කිරීම, මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම යනාදී සියලු කාරණ සම්බන්ධයෙන් ඉදිරි මාස 6 තුළ පියවර ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පුළුල් ජනතා සහභාගිත්වයෙන් සහ පාරදෘශ්‍යභාවයෙන් යුතුව ජනමාධ්‍ය සංවිධාන කතෘවරුන්, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය හිමිකරුවන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන, දැන්වීම්කරුවන් මෙන්ම මාධ්‍ය භාවිත කරන පාඨකයන් සම ග්‍රාහකයන් මෙම වැඩපිළිවෙළට සෘජුවම සම්බන්ධ කර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.