අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ස්ථාවර තොරතුරු පද්ධතියක්

    ජූනි 29, 2016

    මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ස්ථවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පැවසුවාය.

    ජූලි 01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය/පෙර පාසල් පිළිබඳ ජාතික සංගණනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට සහභාගී වෙමින්  අමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුව පැවැත්විණි.

    සමීක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සිදු කරන බව පැවසූ අමාත්‍යවරිය එම දත්ත භාවිත කරමින් මෙම ස්ථවර තොරතුරු පද්ධතිය සකස් කිරීමට බලාපොරොත්තුවන බව සඳහන් කළාය.

    මෙම දත්ත පද්ධතිය මඟින් පෙරපාසල්වල ගැටළු, අඩුපාඩු, ගුරුවරු පිළිබඳ තොරතුරු සොයාගැනීමට අවස්ථාව සැලසෙන බවද අමාත්‍යවරිය පැවසුවාය.

    අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ නව රජය මෙම වැඩසටහනට පූර්ණ දායකත්වය ආශිර්වාදය ලබාදී තිබෙනවා.මෙවැනි සංගණනයක් දකුණු ආසියාවේ සිදු කරන්නේ ප්‍රථමවරය අපේ රටෙයි.ඒ කටයුත්තට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ලැබී තිබෙනවා යැයි ද අමාත්‍යවරිය පවසා සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya