අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ ජාතික සංගණනය ජූලි 01 දා ඇරඹේ

    ජූනි 28, 2016

    මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන( පෙර පසල්) පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජතික සංගණනයක් සිදු කෙරෙන බව  කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පැවසුවාය.


    ජූලි 01 දින සිට ආරම්භ කිරීමට නියමිත සමීක්ෂණය සැප්තැම්බර් 31 දිනෙන් අවසන් වීමට නියමිත බවත් පැවසූ අමාත්‍යවරිය ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ලෝක බැංකු ව්‍යාපෘතිය මඟින් ලැබී තිබෙන බවත් පැවසුවාය.

     

    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (28) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභගී වෙමිනි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ළමා මහලේකම් කාර්යලය, ලෝක බැංකු සමූහය මෙම සමීක්ෂණය සඳහා අත්වැල් බැදගනී.

     

    මුල් ළමා විය සංවර්ධාන් මධ්‍යස්ථනවල ගුනාත්මකභවය වැඩි දියුණු කිරීමටත් ගුරුවරියන්ගේ තත්ත්වය ඉහළ නැංවීමටත් මෙම සමීක්ෂණයෙන් පිටුවහලක් ලබෙන බවද අමත්‍යවරිය පැවසුවාය.

    පෙර පාසල් 18,000ක් හා ගුරුවරු 30,000ක් පමණ පෙරපසල් සේවයේ කටයුතු කරයි.මෙම ව්‍යාපෘතිය මඟින් මුල් අදියරේ පාසල් 6000ක් සංවර්ධන ව්‍යාපෘතියට   තොරාගැනීමට අපේක්ෂා කරයි.

    මෙහිදී අඳහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය සඳහන් කළේ, මෙම සමීක්ෂණය  සඳහා ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ සහාය අවශ්‍යත් බවත් එම සහාය ලබාදෙන ලෙසත් ය. පෙර පාසල් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් හා දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමේ අරමිණින් මෙය ක්‍රියාත්මක වන බවත් නීති යොදා සිදු කරනවට වඩා තම කැමැත්තෙන් ම යොමු වීම වැදගත්  බවද ලේකම්වරිය පැවසුවාය.


    මෙහිදී අඳහස් දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය රවී නානායක්කාර මහතා පවසා සිටියේ, මෙමඟින් පෙර පාසල්වල වැරදි සෙවීමක් නොකරන බවත් සමීක්ෂණය සඳහා පුහුණු නිලධරීන් 400ක් පමණ යොදවන බවත් ඔවුන්ට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් ප්‍රකාශ කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya