අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත ගැන වැරදි ප‍්‍රචාර එපා- නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර

    ජූනි 28, 2016

    තොරතුරු දැනගැනීමේ පනත මඟින් මාධ්‍යවේදීන්ට දඩුවම් ලබාදිය හැකි බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බවත් මේ පනත හරහා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් ශක්තිමත් වන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    ගාල්ල පිටිගල ප‍්‍රදේශයේදි පැවති ජන හමුවක් අමතමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවාගත්තේ රටට අවශ්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමටයි. විධායක ජනාධිපතික‍්‍රමයේ ඇති බලතල සංශෝධනය කිරීමට හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරිමට අදාල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙනවා. එ් අතර රටට, ජනතාවට පොදු වැදගත්කමකින් යුත් පනත් සම්මත කරගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා.

     

    වසර ගණනාවක් තිස්සේ මාධ්‍යවේදීන්ගේ හා සිවිල් සංවිධානවල ඉල්ලීමක් වී තිබූ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීමට අපිට හැකියාව ලැබුණා. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ මේ පනත සම්මත කරගැනීමට නොහැකිවී තිබුණත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවාගත් සම්මුතිවාදී ආණ්ඩුව යටතේ තමයි මේ පනත සම්මත කරගැනීමට හැකියාව ලැබුණේ.

     

    තොරතුරු දැනගැනීමේ පනත අපේ ගමේ මිනිස්සුන්ට වැදගත් පනතක්ද කියලා සමහරු අහනවා. මේ පනතෙන් ප‍්‍රතිලාභ ලබන්නේ මාධ්‍යවේදීන් විතරක් නොවෙයි. ගමේ  ඕනම කෙනෙක්ට දැන් ආණ්ඩුවේ කාර්යාලයකට ගිහින් රජයේ වැඩ කටයුතු ගැන තොරතුරු ලබාගන්න පුලූවන්. තමන්ගේ ගමේ පාර, බෝක්කුව, පාලම හැදෙනකොට එ් ගැන සියලූම විස්තර ලබාගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. එ් තොරතුරු ලබාදීමට රජයේ නිලධාරීන් දැන් බැදී සිටිනවා.

     

    තොරතුරු ලබාදීමේ පනත යටතේ මාධ්‍යවේදීන්ට දඩුවම් ලබාදෙන්න පුලූවන් කියලා පසුගිය කාලයේදී සමාජයේ මතයක් පැතිර ගියා. එ්ක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප‍්‍රකාශයක්. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදිය නොහැකි තොරතුරු කොටසක් ඇතුළත් වෙනවා. ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, සංවේදී ආර්ථික තොරතුරු වැනි කරුණු සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ සීමාවක් තිබෙනවා. රටට සංවේදී තොරතුරු ලබාදීම පිළිබද තීරණ ගැනීමට තොරතුරු කොමිසමක් පත් කිරීමට මේ පනත යටතේ ප‍්‍රතිපාදන ලබාදී තිබෙනවා. ලබාදිය නොහැකි තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමට තොරතුරු කොමිසමේ නිලධාරීන් කටයුතු නොකළ යුතු බව පනතේ සදහන් වෙනවා. එම නිලධාරීන් ලබාදිය නොහැකි තොරතුරු හෙළි කළොත් ඔවුන්ට දඩුවම් ලබාදිය හැකි බව තමයි පනතේ සදහන් වෙන්නේ. එසේ නොමැතිව මාධ්‍යවේදීන් සොයා ගන්නා තොරතුරු හෙළිදරව් කළොත් ඔවුන්ට දඩුවම් ලබාදෙනවා කියලා පනතේ සදහන් වන්නේ නෑ.

     

    අදටත් මාධ්‍යවේදීන් තමන්ගේ තිබෙන සම්බන්ධතා අනුව රහස් තොරතතුරු අනාවරණය කරනවා. විවිධ ගිවිසුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරනවා. එසේ අනාවරණය කරන මාධ්‍යවේදීන්ට දඩුවම් ලබාදෙන්නේ නෑ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගැනීමට මාධ්‍යවේදීන්ට තිබෙන අවස්ථාව පුළුල්වනවා මිස එය හැකිලෙන්නේ නෑ.
    මේ පනත යටතේ නිවරදි තොරතුරු ලබාගැනීමට සියලූදෙනාටම වැඩි අවස්ථාවක් උදාවී තිබෙනවා. නිවරදි තොරතුරු ඉදිරිපත් නොවන නිසා විවිධ මඩ ප‍්‍රචාර ගෙනයාමේ අරමුණ ඇතිව ආරම්භ කළ වෙබ් අඩවිවල පළවූ වාර්තා සත්‍ය එ්වා යැයි ජනතාව විශ්වාස කළා. එ්ත් දැන් ජනතාවට ඇත්ත මොකක්ද කියලා දැනගැනීමට අවස්ථාව තිබෙනවා. එ් නිසා මඩ ප‍්‍රචාර ගෙන වෙබ් අඩවිවලට දැන් අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

    මේ පනතේ තිබෙන තොරතුරු ලබාගැනීමට ඇති සීමාවන් අඩු කළ යුතු යැයි මම පාර්ලිමේන්තුවේදීත් ප‍්‍රකාශ කළා. ඉදිරියේදී මේ පනත තවදුරටත් ශක්තිමත් කරගෙන ජනතාවට සත්‍ය තොරතුරු ලබාදෙන මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya