අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ගම සුළු හානියට පත් නිවාස අලුත්වැඩියා කර අවසන්

    ජූනි 27, 2016

    පසුගියදා කොස්ගම - සාලාව කඳවුරු සිදු වූ පිපිරීම හේතුවෙන් විනාශයට පත් නිවාසවල අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර හිමිකරුවන් වෙත නිවාස 566ක් අද (27) දින වන විට භාර දීමට හැකි වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව පිපුරුම හේතුවෙන් සුළු අලාභ හානිව තිබූ සියලුම නිවාස යථා තත්වයට පත්කොට අවසන් වන බව ද එම අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.


    පසුගිය සිකුරාදා ( 24) වනවිට මධ්‍යම සහ සුළු අලාභ හානි තත්ත්වයේ පැවති නිවාස 492ක් අලුත්වැඩියා කොට ඒවායේ හිමිකරුවන්ට භාර දීමට ආරක්‍ෂක අංශ සමත් විය.


    මේ පිළිබඳව අදහස් දැක්වූ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුයේ විශාල වශයෙන් අලාභ හානි වූ නිවාස 71 ක වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඉතාම කඩිනමින් එම කටයුතු නිමා කිරීමට කටයුතු කරන බවයි.

    මෙම ප්‍ර‍තිසංස්කරණ කටයුතු නිම කරනු ලැබූ නිවාස හිමිකරුවන් සඳහා භාර දීම රාජ්‍ය නිලධාරීන්ගේද මැදිහත්වීම සහ සහභාගිත්වය යටතේ සිදුකරනු ලබයි.

    තවද නාවික හමුදා සාමාජිකයින්ගේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව පිරිසිදු කරනු ලැබූ එම විපතට පත් ප්‍රදේශයේ ලිං 1581 ක් පානීය ජලය සඳහා සුදුසු බවට තහවුරු කරනු ලැබු අතර ඒවා පිරිසිදුකර නැවත භාවිතය සඳහා පත්කොට ඇත.

    මේවනවිට පිපුරුමෙන් විපතට පත් සම්පුර්ණ කළාපය කළාප හතරකට බෙදා ප්‍රතිසංස්කරණ කටයුතු වඩාත් විධිමත්ව සහ කඩිනම්ව සිදුකරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya