අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමතිවරයා විජය දහනායක මහතාගේ සුවදුක් බැලීමට යයි

    ජූනි 27, 2016
    දකුණෙන් දේශපාලනයට පිවිස මහජන සේයට කැපවී කටයුතු කල ගාල්ල නගරාධිපති ලෙස වසර ගණනාවක් කටයුතු කොට අද වන විට රෝගාතුරුව සිටින විජය දහනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා දහනායක මහතාගේ ගාල්ල පදිංචි නිවස වෙත ගියේය. 
    එහිදී ඇමති ගයන්ත 75 වැනි වියෙහි පසුවන හිටපු ගාල්ල නගරාධිපතිගේ සුවදුක් විමසීමෙන් අනතුරුව අතීත දේශපාලන මතකයන් අවදිකරමින් සුහඳ කතාබහක නියැලුනි. 1991 වසරේ ගාල්ල නගරාධිපති ලෙස පත්වූ ඒ මහතා 1997 දක්වා ඒ තනතුර හොබවා තිබේ.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රවී කළන්සූරිය, ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක සම්පත් සුභසින්හආරච්චි යන මහත්වරුන්ද සහභාගීවූහ​.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya