මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී නව විදුලි උත්පාදනයට පියවර

    ජූනි 26, 2016

    පරිසරය ආරක්ෂා කරමින් නව විදුලි උත්පාදනයට රජය සූදානම් බවත් ස්වභාවික ද්‍රව වායු LNG උපයෝගී කරගන්මින් නව බලාගාර ආරම්භ කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.



    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කලේ ජල විදුලිය නිෂ්පාදනය කරන බලාගාර ආශී‍්‍රත ප‍්‍රදේශයට වැසි අපේක්ෂා කරමින් ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට වූ මළුව දෝවනය කිරීමේ භාරය, ඔප්පු කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.


    රජයක් විදියට පරිසරය ආරක්ෂා කරමින් බලශක්තිය නිෂ්පාදනය කිරීම වගකීමක් වන බවත්  එහිදී පිරිවැය ගැන සිතීමත් අවශ්‍ය නමුත් අනාගතය වෙනුවෙන් පරිසර සම්පත ආරක්ෂා කිරීම දැඩි වගකීමක් ලෙස ගැනීමේදී ස්වභාවික ද්‍රව වායු උපයෝගී කරගනිමින් විදුලිය නිෂ්පාදනය  කිරීම අතිශයින් වැදගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     ඒ තුළින් ජන විදුලිය නිෂ්පාදනයේදී මෙන්ම, අවම පරිසර හානියක් යටතේ විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

    මෙම භාරය ඔප්පුකිරීම ආරම්භ කළේ අනුරුද්ධ රත්වත්තේ අමාත්‍යවරයාගේ කාල වකවානුවේදී බව පෙන්වා දුන් සියඹලාපිටිය මහතා එය චාරිත‍්‍රයක් විදියට අද දක්වා දිගින් දිගටම අපි කරගෙන එන බවත් සඳහන් කළේය.


    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා, විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya