මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රැකියා භාෂා ප‍්‍රවිනතා විභාගයට අයදුම්කරුවෝ 26,139 ක්...

    ජූනි 25, 2016
    ප‍්‍රථම වරට ඔන්ලයින් ක‍්‍රමයට පැවත්වෙන කොරියානු භාෂා ප‍්‍රවිනතා විභාගයට අයදුම්කරුවන් 26,139 දෙනෙකු ඉල්ලූම්පත් භාරදුන් බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
    අයදුම්පත් භාරගැනිම පසුගිය ජූනි 20 සිට 23 දක්වා දිවයිනේ මධ්‍යස්ථාන 15ක දී සිදුකරන ලදි. පරිගණක ආශ‍්‍රිත ඔන්ලයින් විභාගය ලබන ජූලි මස ආරම්භ වීමට නියමිතය. එය අංක 205, දෙපානම, පන්නිපිටිය යන කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී  පැවැත්වේ. මෙවර විභාගය පවත්වනු ලබන්නේ නිෂ්පාදන හා ධීවර අංශයේ රැකියා සදහා  පමණි. 
     
    මුල් දිනවල අයදුම්පත් ලබාගැනීමේදී යම් තදබදයක් තිබුනද, අවසන් දින වන විට ඉතා පහසුවෙන් අයදුම්පත් ලබාගැනීමට හැකි වූ අයුරු නිරීක්‍ෂණය විය. මෙවර වැඩිම අයදුම්පත‍්‍ර ප‍්‍රමාණයක් වන 3,233 ක ප‍්‍රමාණයක් නිකුත් කර ඇත්තේ කාර්යාංශයේ රත්නපුර මධ්‍යස්ථානයෙනි. එසේම අවමය වන අයදුම්පත් 02 ක ප‍්‍රමාණය යාපනය මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇත. මීට අමතරව කාර්යාංශයේ මහනුවර මධ්‍යස්ථානයෙන් අයදුම්පත් 3,085 ක්ද, මාතර මධ්‍යස්ථානයෙන් 2,962 ක්ද, තංගල්ල මධ්‍යස්ථානයෙන් අයදුම්පත් 2,825 ක්ද නිකුත් කර ඇත. මෙවර අයදුම්පත‍්‍ ගිය වසරට වඩා 13,056ක ප‍්‍රමාණයකින් වැඩිවී තිබේ. 2015 වර්ෂයේ අයදුම්පත‍්‍ර 13,083 ක් නිකුත් කෙරිණි.
     
    කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් හඳුන්වා දෙන මෙම ඔන්ලයින් විභාගයේදී ලකුණු ලබා දීමේ ක‍්‍රමයද වෙනස් වී තිබේ. ඒ අනුව භාෂා හැකියාව පිළිබඳ පරීක්‍ෂණය ඔන්ලයින් ක‍්‍රමය යටතේ පවත්වන අතර ඊට අමතරව හැකියා පරීක්ෂණයක්ද ප‍්‍රායෝගිකව සිදු කරනු ලබයි. අපේක්ෂකයින් ස්ථානීය ලකුණු ක‍්‍රමය යටතේ තෝරාගනු ලබයි. ඒ අනුව මෙවර පවත්වන විභාගයේ දී කර්මාන්ත අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක‍්‍රමය යටතේ ලකුණු 100 ක් හා හැකියා පරීක්ෂණයේදී ස්ථානීය ලකුණු 100 උපරිම වශයෙන්ද, එසේම ධීවර හා ඉදිරිකිරීම් අංශයේ රැකියා සදහා ඔන්ලයින් ක‍්‍රමය යටතේ ස්ථානීය ලකුණු 90 ක්ද හැකියා පරීක්ෂණය ස්ථානීය ලකුණු 110 ක්ද වශයෙන් ලබා දේ. 
     
    කොරියානු භාෂා ප‍්‍රවිනතා විභාගය පරිපාලනය කරනු ලබන්නේ කොරියානු  මානව සම්පත් සංවර්ධන ආයතනයයි. ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහායෙන් විභාගය පැවැත්වේ.
     
    රැකියා සදහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ධීවර අංශවල පවතින පුරප්පාඩු මත බවත්, ඒ සදහා ශ‍්‍රී ලංකාවෙන් කිසිදු බලපෑමක් කළ නොහැකිබවත් කාර්යාංශය අවධාරණය කරයි. මේ වන විට ශ‍්‍රී ලාංකිකයින් 28,000 ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වේ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya