අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝප් නිරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් නැවත පත්වීමක් එපා- මහබැංකු අධිපති

    ජූනි 24, 2016

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව ) සිදු කරන නිරීක්ෂණ වාර්තා  ඉදිරිපත් කරන තෙක් මහබැංකු අධිපතිවරයා ලෙස නැවත පත්වීමක් අපේක්ෂා නොකරන බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් මණ්ඩලය වෙත දන්වා ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.



    නව රජය බලයට පත් වූ පසු එවකට මහබැංකු අධිපතිව සිටි  අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉතිරි සේවා කාලය ආවරණය කිරීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කරනු  ලැබීය.  ඒ අනුව  අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 ජනවාරි 23 දින රාජකරී   භාරගැනීම සිදු කළේ ය.


    අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසර 30ක් පුරා ජාතික හා  ජාත්‍යන්තර තලයේ පෞද්ගලික සහ පොදු මූල්‍ය සමාගම්  ඇතුළු   සංවිධාන රැසක වගකීම් රැසක් දැරූ ආයෝජන බැංකුකරුවෙකි.

    අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූරකාලය 2016 ජුනි මස 30 දිනෙන් අවසන්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya