අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ප්‍රාථමික කර්මාන්ත දිනය" අදයි

    ජූනි 25, 2016
    "ඉන්කෝ 2016" ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද "ප්‍රාථමික කර්මාන්ත දිනය" ලෙස නම් කර ඇත.
    ‘ප්‍රාථමික කර්මාන්ත දිනයේ‘ සමාරම්භක උත්සවය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00 ට සිරිමාවෝ බණ්ඩාරණායක ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
     
    මෙහිදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද එක්ව දයා ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    ඒ අනුව, ‘අතේ ඇති මුදලට දස ගුණයක ආදායමක්‘, ‘ධන සවිය‘ කාන්තා ආදායම් සංවර්ධන වැඩසටහන, නව ආයෝජන වෙනුවෙන් මග පෙන්වීම, නිෂ්පාදන හා නිමැවුම් වෙනුවෙන් වෙළදපොළ විවෘත කිරීම වැනි කරුණු ඉලක්ක කරගත් විශේෂාංග රැසක් මීට අයත් වේ.
     
    "ඉන්කෝ 2016" ප්‍රදර්ශණය ඉන්කෝපරේටඩ් ඉංජිනේරු සංගමය මගින් සංවිධාන කර ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya