අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව" නිල මෙහෙවර" වැඩ අරඹයි

    ජූනි 24, 2016
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ "නිල මෙහෙවර "ජංගම සේවය ජුලි මස 01 වනදා සිට ඇරඹේ
    මේ පිළිබඳව දිස්ත්‍රික්කයේ සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි.
     
    නිල මෙහෙවර ජංගම සේවය යනු නිලධාරීන් මගින් ජනතාවට ඉටුකරන සේවයක් බවත් එයට කිසිදු විටක දේශපාලනය ඈඳානොගන්නා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේ‍වර්ධන මහතා මෙහිදී පැවසීය. 
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මසක් පුරා නිල මෙහෙවර ජංගම සේවාව පැවැත්වීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර ඇත.
     
    ඒ අනුව මැදිරිගිරිය ජූලි 01 – 02, ඇලහැර 07, හිගුරක්ගොඩ 08 – 09, වැලිකන්ද 12, දිඹුලාගල 16, ලංකාපුර 17, තමන්කඩුව 22 – 23 යන දිනයන්හිදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිල මෙහෙවර ජංගම සේවාව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහි සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 30 වන දින පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ.
     
    මෙම ජංගම සේවාව මගින් කිසිදු අය කිරීමකින් තොරව උප්පැන්න විවාහ මරණ සහතික, ජාතික හැඳුනුම් පත් ලබා දීම, වෛද්‍ය සායන, සමෘද්ධි - වැඩිහිටි දීමනා, කුඩා ව්‍යාපාර ණය ලබා දීම, අධ්‍යාපන සම්මන්ත්‍රණ, ඉඩම් හිමිකම් ගැටලු නිරාකරණය කිරීම, ගොවි කම්කරු ගැටලු නිරාකරණය කිරීම, ස්වයං රැකියා අවස්ථා හඳුන්වා දීම, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වැනි විශාල සේවා රැසක් ඇතුළු ජනතාවගේ මෙතෙන් නොවිසඳුණු ගැටලු විසඳාගැනීම සඳහා අවස්ථාව සලසා ඇත.
     
    මෙම හමුවේදී ක්ෂේත්‍ර නිලධාරීන් වෙත නිල මෙහෙවර ජංගම සේවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා දුන් අතර මෙහි අරමුණ පැහැදිලි කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.‍ජේ. රත්නසිරි මහතා අතින් සිදු කළේය.  
    ක්ෂේත්‍ර නිලධාරී හමුවෙන් අනතුරුව පොළොන්නරුව සුදු අරලිය හෝටලයේදී පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් හා දේශපාලන අධිකාරිය සමග නිල මෙහෙවර ජංගම සේවය පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවකට ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එක් විය. 
     
    එහිදී නිලධාරීන් සමග ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් නිල මෙහෙවර ජංගම සේවාව වඩාත් සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම හා මතුවී ඇති ගැටලු පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු කරවීය.  
     
    මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිඩ්නි ජයරත්න, නාලක කොළොන්න, හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ 1000 ක් පමණ එක්ව සිටියහ.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya