අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා රෝගියෙකු වෙනුවෙන් වු රුපියල් ලක්ෂ 15 සීමාව ඉවත් කෙරේ

    ජූනි 24, 2016
    පිළිකා රෝගියෙකුට ප‍්‍රතිකාර කිරීම වෙනුවෙන් රජය විසින් මෙතෙක් වෙන් කරනු ලැබුවේ රුපියල් ලක්ෂ 15 ක තරම් සීමා සහිත මුදලකි. නමුත් වහාම ක‍්‍රීයාත්මක වන පරිදි සීමාවකින් තොරව එක් රෝගියෙකු වෙනුවෙන් මුදල් වෙන් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට උපදෙස් ලබා දී ඇත.
    ඒ අනුව සීමාවකින් තොරව රෝගියෙකු ජීවත්ව සිටින තාක්කල් අවශ්‍ය සියළු ප‍්‍රතිකාර සහ ඖෂධ ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
     
    එසේ සීමාවක් පැනවීමෙන් සිදු වන්නේ එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 වියදම් කිරිමෙන් පසු එම රෝගියාට මියයන්නට සුදානම් වන ලෙස දැනුම් දීමක් වැනිය. එමගින් දුගී දුප්පත් ජනතාවට ගැටළු රාශියක් ඇති වේ. එබැවින් ඒ පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඒ පිළීබඳව සිය අවධානය යොමු කර එම සීමාවන් ඉවත් කර රෝගියා ජීවත්වන තුරු ඔහුට අවශ්‍ය ඖෂධ ඇතුළු ප‍්‍රතිකාර සේවාවන් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ලබාදීමට තීරණය කර ඇත.
     
    සෞඛ්‍ය සේවාවන් සදහා නව රජය විසින් අතිවිශාල මුදලක් වෙන්කර ඇති බවත්, මුදල් අමාත්‍යවරයා සහ මහා භාණ්ඩාගාරය සමග මේ පිළිබදව සාකච්ජා කර පිළිකා රෝගීන් සදහා සීමාවකින් තොරව ප‍්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්, ඒ අනුව ඉදරියේ දී පිළිකා රෝගී ප‍්‍රතිකාර සේවාවක් තව තවත් ශක්තිමත් හා වඩා කාර්යක්ෂම අයුරින් සිදු කිරීමට හැකිවනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya