අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන බෝග පැළ ඉඩම අක්කර ¼ ට අඩුනම් නොමිලේ

    ජූනි 24, 2016
    2014 වර්ෂයට සාපේක්ෂව 2015 වසරේ දී අපනයනය කරන ලද කරාබුනැටි, කුරුදු, ගම්මිරිස්, සාදික්කා හා කරදමුංගු වල ආදායම 51.45 % කින් පමණ ඉහළ ගොස් ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
    ඒ අනුව, මෙරටට ලැබුණු ආදායම රුපියල් මිලියන 38,146.9 සිට 2015 වසරේ දී රුපියල් මිලියන 49,828.9 දක්වා ද ඉහළ ගොස් ඇති බවද මෙම නිෂ්පාදන පරිමාව තවදුරටත් ඉහළ නැංවීම පිණිස වැඩපිළිවල රැසක් දැනටමත් සංවිධාන කර ඇති බවයි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයා ගමගේ මහතා, ඒ අනුව, අලුතින් වගාවන් ආරම්භ කිරීමේ දී අක්කර ¼ ට අඩු ඉඩම් සදහා ‘ධන සවිය‘ ගෙවතු යෝජනා ක්‍රමය යටතේ නොමිලේ උපදෙස් හා රෝපණ ද්‍රව්‍ය ලබා දීමට පියවර ගන්නා බව ද ඉඩමේ ප්‍රමාණය අක්කර ¼ ඉක්මවන්නේ නම් ඒ සදහා අපනයන කෘෂි බෝග ආයෝජන ආධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සදහන් කළේය.
     
    වගාවක් ආරම්භ කිරීමේ දී යම් වියදමක් දැරිය හැකි පුද්ගලයින් වෙනුවෙන්  50% ක සහන මුදලකට රෝපණ ද්‍රව්‍ය ලබා දෙන බව ද අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ණය හා මුල්‍යාධාර ලබා දීමට අවශ්‍ය පහසුකම් සැපයීමට අමාත්‍යාංශයට මැදිහත් විය හැකි බව ද ඒ මහතා පැවසීය.
     
    ‘පවත්වා වගාවල ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින් අයෝජන ආධාර ක්‍රමය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ යටතේ කුරුදු ඉඩම්වල පසේ ආම්ලිකතාවය අඩු කිරීමට ඩොලමයිට් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ගම්මිරිස් වගාවල දැනට කප්පාදු කරලා නැති හෙක්ටයාර 7,000ක පමණ භූමි ප්‍රමාණයක ඇති ගම්මිරිස් වගාවන් කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා. පසු අස්වනු අපතේ යෑම වැලැක්වීම සදහා වගාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි, පෞද්ගලික අංශයේ කෘෂි සායන සේවා සහ සේවා සැපයුම් මධ්‍යස්ථාන ඇති කරන්නත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට යටතේ කටයුතු කර තිබෙනවා.‘
     
    මේ අතර, මෙහිදී අපනයන ආදායම ඉහළ නැංවීම වෙනුවෙන්  අගය එකතු කළ නිෂ්පාදන වැඩි කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද අමාත්‍ය දයා ගමගේ මැතිතුමා අදහස් දැක්වීම.
     
    ‘අපි නව ව්‍යවසායකයින්ට ආයෝජන අවස්ථා උදා කර දෙනවා. ඒ වගේම අපි අගය වැඩි කළ නිෂ්පාදන සදහා ව්‍යාපාරිකයින් උනන්දුකරවන්න කටයුතු කරනවා. සැකසීම හා අගය එකතු කිරීමේ කර්මාන්ත සදහා ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.‘
     
    එසේම, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් යෝජිත කෘෂිකාර්මික අධිකලාප ආශ්‍රිතව කර්මාන්ත ශාලා පිහිටවීමට පියවර ගන්නා බව ද අගය එකතු කළ නිෂ්පාදන සැකසීමේ යන්ත්‍ර සූත්‍ර සදහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආයෝජන ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ද දයා ගමගේ මහතා පැවසීය
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya