අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුපකාර හා කර්මාන්ත පළාත් අමාත්‍ය සමුළුව අද

    ජූනි 23, 2016
    ජාත්‍යන්තර සමුපකාර දිනය ජුලි 02 වන දිනට යෙදී ඇත. මීට සමගාමීව සමුපකාර හා කර්මාන්ත පළාත් අමාත්‍ය සමුළුව කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. 
    සමුළුව ආරම්භ කරමින් අදහස් දැක්වු  අමාත්‍යවරයා , සමුපකාර අංශය ඉහළ තලයකට ගෙනඒම සදහා පළාත් සභාවන්හි සමුපකාර අමාත්‍යංශ හා එක්වී ක්‍රියා කරන බව පැවසීය.
     
    ඉදිරියේදී ස.තො.ස හා විවිධ සේවා සමුපකාර සමිති ශාකා ප්‍රමාණය වැඩි කිරීම,  අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය ඇතුළු කර්මාන්ත නව තාක්ෂණය ලබා දෙමින් වැඩි දියුණු කිරීම හා කර්මාන්ත ගම්මාන ඇති කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
     
    එමෙන්ම පොල්ගොල්ලේ පිහිටුවා ඇති ජාතික සමුපකාර සංවර්ධන ආයතනය මගින් මේ වන විට පවත්වනු ලබන්නේ  ඩිප්ලෝමා පාඨමාලාවක් පමණයි. එය උපාධි පාඨමාලාවක් දක්වා වැඩි දියුණු කිරීමටත් පාඨමාලා දමිළ මාධ්‍යයෙන්ද පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම සමුළුව සදහා සියළුම පළාත් නියෝජනය කරමින් පළාත් සමුපකාර අමාත්‍යවරුන් හා අමාත්‍යංශය යටතේ පවතින සියළුම ආයතයන්හි නිලධාරීන්ද සහභාගි වුහ.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya