මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් පිළිබඳ ආධිපත්‍ය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි - නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

    ජූනි 22, 2016

    පාර්ලිමේන්තුව අනුමත කළ සීමාව තුළ ණය ගෙන තිබෙන බවත් මුදල් පිළිබඳ ආධිපත්‍ය තිබෙන්නේ පාර්ලිමේන්තුවට  බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ඊයේ (21) මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් ගැටළුවක් ඉදිරිපත් වුණා. රටක ණය එක වසරක් තුළ මෙතරම් ප්‍රමාණයකින් ඉහළ යන්නට බැහැ. මෙම ණය ප්‍රමාණය අතිවිශාලයි. රටක ණය ප්‍රධාන ක්‍රම තුනයි තිබෙන්නේ. භාණ්ඩාගාර බැඳුම්කර, වෙනත් ක්‍රම පිළිබඳ ණය, විදේශීය ණය ආදී වශයෙන් මෙම ණය වර්ග කරන්නට පුළුවන්.

    මේ සියලු ණය ප්‍රමාණය ගණනය කරමින්  සියලු ණය ප්‍රමාණය සකස් කරන්නේ. ගණනය කළ ක්‍රමය වෙනස් කර තිබෙනවා. ඒ වගේම ණය සිමාව ඉක්මවා අපි ණය අරගෙන නැහැ. අපි පාර්ලිමේන්තුව තුළ අනුමත කළ සීමාව තුළයි ණය ගෙන තිබෙන්නේ. අපි පාර්ලිමේන්තුව තුළ අනුමත කළ සීමාව තුළයි ණය ගෙන තිබෙන්නේ. අපි රජයක් ලෙස බැදී සිටිනවා. මුදල් පිළිබඳ ආධිපත්‍ය තිබෙන්නේ පාර්ලිමේන්තුවට යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya