මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැට්බද්ද පදනම් කරගනිමින් රටේ විරෝධතා රැල්ලක් ගෙන යාමට විපක්ෂයේ අන්තවාදී කණ්ඩායම් උත්සහ කරනවා

    ජූනි 22, 2016

    වැට් බද්ද පදනම් කරගනිමින් රටේ විරෝධතා රැල්ලක් ගෙන යාමට විපක්ෂයේ අන්තවාදී කණ්ඩායම් උත්සහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

     

    මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.  

     

    මෙය ක්‍රියාත්මක කරවන්නේ රජයට විරුද්ධ  දේශපාලන කණ්ඩායම් විසින්.ඒ වගේම මේ අයගේ උත්සාහය වන්නේ රජය ගෙනයන  වැඩපිළිවෙළ කඩාකප්පල් කිරිමයි.වැට් බද්ද වෙනුවෙන් කඩහිමියොත් විරෝධතා ගෙන යනවා. පාරිභෝගිකයො වෙනුවෙන් කඩහිමියොත් අරගල කරනවා. කවදද අපි එහෙම දැක්කෙ?. මෙතන ඇත්තේ වෙනත් අවශ්‍යතාවක්. ඒ වගේම වැට් බද්ද පැනවූයේ රජය යම් අරමුණක් පදනම් කරගනිමින්.

    මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදුත් ගෙවන්න සිදුව ඇත්තේ ජනතාවට. ඒ නිසා මේ තත්ත්වය වෙනස් වියයුතුයි.බදු වංචා කරන, බදු නොගෙවන ව්‍යාපාරිකයින් බදු දැලට හසුකිරිම රජයේ අරමුණයි. හම්බ කරනව නම් ගෙවිය යුතුයි.මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේවල් වලට අහිසංක මිනිස්සු බදු ගෙවිය යුතු නැහැ.මේ රටේ  බදු ගෙවිය යුතු පිරිස අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතුයි යැයි ද මන්ත්‍රීවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya