අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල් ළමා විය පිළිබඳ ලංකා‍වේ ප්‍රථම වරට සංගණනය

    ජූනි 21, 2016

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය,  ළමා ‍ලේකම් කාර්යාලය හා සංඛ්‍යා‍ලේඛන ‍දෙපාර්ත‍මේන්තුව එක්ව ‍ලෝක බැංකු ව්‍යාපෘතිය (world bank project) යට‍තේ දිවයි‍නේ ප්‍රථම වතාවට මුල් ළමා විය  පිළිබඳ සංගණනයක් පැවැත්වීමට කටයුතු කරයි.

    ‍රට පුරා සිටින වයස අවුරුදු 5ට අඩු දරුවන් පිළිබඳ  කරනු ලබන  ‍මෙම සංගණනය සාර්ථක  කර ගැනී‍මේ අරමුණින් ‍‍හෙට (22) සිට 23, 24 හා  27 දිනවල දිවයි‍නේ  සියලුම මුල් ළමා විය සංවර්ධන නිලධාරීන් පුහුණු කිරී‍මේ වැඩසටහනක්ද ‍කොළඹදී  පැවැත්වීමට කටයුතු ‍යොදා ඇත.

     

    මධ්‍යම පරිසර අධිකාරිය හා තලා‍හේන ප්‍රජා මධ්‍යස්ථාන‍යේදී ‍මෙම පුහුණු වැඩමුළුව පැවැත්වීමට කටයුතු ‍යොදා ඇත.

     

    මුල් ළමා විය සංවර්ධනය කර ර‍ටේ දරුවන්‍‍ගේ අනාගතය වඩාත් සුරක්ෂිත කිරී‍මේ අරමුණින් නව තාක්ෂණයද  උප‍යෝගී කර ගනිමින්  ක්‍රියාත්මක කරන ‍මෙම  වැඩසටහන මගින් ළමා ශ්‍රමිකයන් රටින් තුරන් කිරීමට ද අ‍පේක්ෂා ‍කෙ‍රේ.

     

    මෙමගින් ‍පෙර පාසල්වල අඩු පාඩු ‍මෙන්ම ‍ ‍පෙර පාසල් ගුරුවරුන්‍‍ගේ ගුණාත්මකභාවය  ඉහළ නැංවීමට කටයුතු කිරීමට  බලා‍පො‍රොත්තු ‍වෙයි.

     

    ‍මෙම සංගණනය ආශ්‍රයෙන්  ‍දෙමව්පියන්‍‍ගේ ආර්ථික දුෂ්කරතා ආදිය ද අධීක්ෂණයට ලක් කර ඔවුන්‍‍ගේ ජීවන තත්ත්වයන්ද නැංවීමට කටයුතු කිරීමට අ‍පේක්ෂා ‍කෙ‍රේ.

     

    කාන්තා හා ළමා කටයුතු ඇමතිනී  චන්ද්‍රනි බන්ඩාර මහත්මිය‍ගේ උප‍දෙස් පරිදි ‍‍ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ  ‍වෛද්‍ය රවී නානායක්කාර මහතා ‍මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya