අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි මාසය සඳහා වාර්ෂික උද්ධමනය 5.3% ක්

    ජූනි 21, 2016
    2016 මැයි මාසය සඳහා වාර්ෂික උද්ධමනය 5.3% ලෙස ගණනය කොට ඇති ‍බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පැවසීය. 
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නවතම පාරිභෝගික මිල දර්ශකය වන ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100) 2015 ඔක්තෝම්බර් මස සිට අදාල ලිත් මාසය අවසන් වී 21 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබේ.
     
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 මැයි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 113.7 ලෙස ගණනය කර ඇත. මැයි මාසයේ දර්ශකය අප්‍රේල් මාස‍යේ දර්ශකය (111.6) හා  සංසන්දනය කල විට 2.1ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.9ක වැඩිවීමක් වාර්තා වේ. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.91% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97% කින් වැඩිවීම බලපා ඇත.
     
    2016 අප්‍රේල් මාසය හා සසඳන කල 2016 මැයි මාසය සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.91%ක වැඩිවීමක් දක්නට ඇත. 
     
    2016 අප්‍රේල් මාසය හා සසඳන කල 2016 මැයි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97%ක වැඩිවීමක් දක්නට ඇත. තවද ‘ආපනශාලා හා හෝටල්’ යන කාණ්ඩයේ වියදම්වල වටිනාකමෙහි ඉතා සුළු වැඩිවීමක් වාර්තා වී ඇත. එසේ වුවත් ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ යන කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවී ඇත. ‘ප්‍රවාහන’ සහ ‘අධ්‍යාපන’ කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya