අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ශ්‍රමය යොදා නොගනිමු

    ජූනි 21, 2016
    ජුනි මස 12 වන දිනට යෙදෙන ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය නිමිත්තෙන්වු ජාතික සමුළුව හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
    මේ නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් අද කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 
     
    මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, ළමා ශ්‍රමය යොදවා ගැනීම ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා.මීට විසදුම් සෙවීම  පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා  කම්කරු සංවිධානය මේ වන විට අවධානය යොමු කර ඇති බව පැවසීය.
     
    2016 වසර අවසාන වන විට අනතුරුදායක ළමා ශ්‍රම යෙදවුම් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම ඉලක්කය වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය. රත්නපුර දිස්ත්‍රික්කය ළමා ශ්‍රමය යොදා ගැනීම සම්පුර්ණයෙන්ම නවතා ඇති දිස්ත්‍රික්කයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. ඉදිරියේදී මෙම තත්ත්වය රට පුරා ඇති කිරීමට අපේක්ෂා කරන අතර ඒ සදහා සමාජය දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
     යම් කෙනෙකු අවුරුදු 14 ට අඩු දරුවන් සේවය යොදවන්නේ නම් දුරකථන අංක 2587315 හෝ 2581998 ට දන්වන මෙන්  කම්කරු අමාත්‍යංශය දන්වා සිටී.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya