අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට අයදුම්පත‍්‍ර 5,959ක් නිකුත් කෙරේ...

    ජූනි 21, 2016
    පළමුවරට අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක‍්‍රමයට පවත්වන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ඊයේ දින සිට ආරම්භ විය. දිවයින පුරා මධ්‍යස්ථාන 15කදී අයදුම්පත් නිකුත් කළ අතර මුල්ම දිනයේ අයදුම්පත් 5,959 ක් නිකුත් කරන ලදී.
    ඒ අතර, රත්නපුර මධ්‍යස්ථානයේ 739, මහනුවර 699, අතුරුගිරිය 655, තංගල්ල මධ්‍යස්ථානයේ අයදුම්පත් 655 හා අනෙකුත් මධ්‍යස්ථාන වලින් අයදුම්පත‍්‍ර 3211ක් නිකුත් කෙරිණි.
     
    ඊයේ දිනයේ තංගල්ල මධ්‍යස්ථානයේ අයදුම්පත් නිකුත් කිරීමේදී සුළු නොසන්සුන්කාරී තත්වයක් ඇති වූ අතර, අයදුම්කරුවන්ගේ වැරදි අවබෝධයක් නිසා මෙම තත්වය ඇති විය. විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සියළුම අයදුම්කරුවන්ට අයදුම්පත් නිකුත් කරන අතර දිවයිනේ  ඕනෑම මධ්‍යස්ථානයකින් අයදුම්පත‍්‍ර කිසිඳු ප‍්‍රමාදයකින් තොරව ලබාගැනීමට හැකි බැවින් කලහකාරි නොවී අයදුම්පත් ලබාගන්නා ලෙසයි. 
     
    එසේම ලබන 23 දින දක්වා අයදුම්පත් නිකුත් කරන බැවින් මෙම අවස්ථාව ලබාගන්නා ලෙස අමාත්‍යවරිය විභාග අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටී. මේ සඳහා කිසිඳු අතරමැදියෙකුට මුදල් නොගෙවන ලෙසත්, අයදුම්පත‍්‍ර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගෙන් පමණක් ලබාගන්නා ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටී.
    මෙවර අයදුම්පත් ගාස්තු රු.3,552ක් වන අතර, අයදුම්පත් ලබාගැනීම සඳහා ගමන් බලපත‍්‍රය හා පාස්පෝට් ප‍්‍රමාණයේ ජායාරූප 02 ක් රැගෙන යා යුතුය.
    අයදුම්පත් නිෂ්පාදන හා ධීවර රැකියා සඳහා පමණක් නිකුත් කෙරේ. අනුරාධපුර, බදුල්ල, නුවර, මාතර, රත්නපුර යන කාර්යාංශයේ පළාත් කාර්යාල හා ගාල්ල, කඩවත, සීදුව, තංගල්ල, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, වවුනියාව, යාපනය හා පොළොන්නරුව යන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවලදී හා අතුරුගිරිය ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේදී අයදුම්පත් නිකුත් කෙරේ.
     
    පරිගණක ආශ‍්‍රිත ඔන්ලයින් විභාගය ලබන ජූලි මස ආරම්භ වීමට නියමිතය. එය අංක 205, දෙපානම, පන්නිපිටිය යන කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී  පැවැත්වේ.
     
    කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් හදුන්වා දෙන මෙම ඔන්ලයින් විභාගයේදී ලකුණු ලබා දීමේ ක‍්‍රමයද වෙනස් වී තිබේ.  ඒ අනුව භාෂා හැකියාව පිළිබඳ පරීක්‍ෂණය ඔන්ලයින් ක‍්‍රමය යටතේ පවත්වන අතර ඊට අමතරව හැකියා පරීක්ෂණයක්ද ප‍්‍රායෝගිකව සිදු කරනු ලබයි. 
     
    අපේක්ෂකයින් ස්ථානීය ලකුණු ක‍්‍රමයට අනුව මෙවර පවත්වන විභාගයේ දී කර්මාන්ත අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක‍්‍රමය යටතේ ලකුණු 100 ක් හා හැකිය. පරීක්ෂණයේදී ස්ථානීය ලකුණු 100 උපරිම වශයෙන්ද, එසේම ධීවර හා ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක‍්‍රමය යටතේ ස්ථානීය ලකුණු 90 ක්ද හැකියා පරීක්ෂණය ස්ථානීය ලකුණු 110 ක්ද වශයෙන් ලබා දේ.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya