අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් “පර්ත්” නෞකාව නිරීක්ෂණය කරයි

    ජූනි 21, 2016

    ද්විපාර්ශවිය මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට සංචාරය කරන ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් “පර්ත්” නෞකාව (Australian naval ship, HMAS Perth)   ආරක්‍ෂක අමාත්‍යාශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඊයේ (20) නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම නෞකාව පසුගිය දා (19) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර “පර්ත්” නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සමඟ සුහදතාව වර්ධනය කිරීමේ අභ්‍යාස සහ වැඩසටහන් කිහිපයකට සහභාගිවීමෙන් පසුව එළඹෙන 23 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

     

    නෞකාවට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හච්සන් මහතා  (HE Bryce Hutchesson) සහ නෞකාවේ අණදෙන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. සංචාරය අවසානයේ නෞකාවේ අමුත්තන්ගේ පොතෙහි සටහනක් තැබීමටද ආරක්‍ෂක ලේකම්වරයා අතින් සිදුවිය.

     

    මේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ගුනවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya