අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව පීඩාවට පත් කරන බදු පැනවීමක් නැහැ- ඇමැති අකිල විරාජ්

    ජූනි 21, 2016

    ජනතාව පීඩාවට පත්කරමින්  බදු  පැටවීමට රජය කිසිවිටෙකත් කි‍්‍රයා නොකරන බවත්  සැමවිටම ජනතාව වෙනුවෙන් නම්‍යශීලී වූ යහපාලනයක් ක්‍රියාත්මක කර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ රට හමුවේ පැවැති  අභියෝග රැසක් ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ කැපවීමෙන් සාර්ථක ලෙස ජය ගැනීමට හැකිවූ බවයි.

    වර්තමානයේ පනවා ඇති ඇතැම් බදු ද ඉදිරියේ දී ඉවත් කිරීමට හැකිවනු ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා

    නීති පද්ධතිය නීතියේ ආදිපත්‍යයට බලපෑම් නොකරමින් අධිකරණ පද්ධතියට ස්වාධීනව ක‍්‍රියාත්මක විය හැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය කර ඇති බවත් යුක්තිය හා සාධාරණය යළි රජයන සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වත්මත් රජය කැප වී කි‍්‍රයා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    ඕනෑම පුද්ගලයෙකු වංචාවක් සිදු කර ඇත්නම් ඒ සඳහා නීතිය සාධාරණ ලෙස ක‍්‍රියාත්මක විය යුතු බවත්, එහිදී පක්ෂයක් ලෙස වංචනිකයින් ආරක්ෂා කිරීම සිදු නොකරන බවත් මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya